ගෙවතු වගා වැඩසටහන
(පළතුරු භෝග වගා කිරීම)
මාතර දිස්ත්‍රික්කය
වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය
පළතුරු භෝග වගා කිරීමේ ගෙවතු වගා වැඩසටහන
මාතර දිස්ත්‍රික්කය
වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය.
01. හැදින්වීම
දකුණු ලක මාතර දිස්ත්‍රික්කයෙහි දුෂ්කර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපය අතරින් එකකි වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය. පවුල්13,702ක් හා ජනගහනය 51,142ක් ජීවත් වන මෙම ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශය, ග්‍රාම නිලධාරී වසම් 38කින් සමන්විත වන අතර වර්ග කිලෝමීටර 64.4ක භූමි ප්‍රදේශයක් ආවරණය කරමින් ව්‍යාප්තව ඇත.
තැනිතලා සහ මද බෑවුම් සහිත විෂම වූ භූගෝලීය ලක්ෂණ මෙම කළාපය තුළ පෙන්නුම් කරන අතරම, අරීය ජලවහන ලක්ෂණයන්ගෙන් හෙබි මෙම කළාපය, සමස්තයක් ලෙස කෙටි කාලීන මෙන්ම දිගු කාලීන භෝග වගාවන්ට උචිත පාංශූමය සහ ප්‍රමාණවත් ජලවහනයකින් යුක්ත ප්රදේශයකි. දියළු පස, රතු ලැටරයිට් පස හා රතු කහ පොඩ්සොලික් පස බහුලව ව්‍යාප්තව ඇති අතරම විවිධ වූ වගාවන් කිරීමේ ශක්‍යතාවය මෙකී සාධකය නිසාම ලැබී ඇත.
කෘෂිකර්මාන්තය ලෙස මූලිකවම තේ, කුරුදු, රබර් හා පොල් වගාව දිගු කාලීන ස්ථිර භෝග වගාවන් ලෙස වගා කොට ඇති අතර, දියළු පස ආශ්‍රිතව වී වගාව ඉතා සාර්ථකව සිදු කරනු ලබයි.
මීට අමතරව කෙසෙල් හා පැපොල් වැනි වගාවන් ඉතා කුඩා ඒකක ලෙස ව්‍යාප්තව ඇති අතර, විවිධ එළවළු භෝග වගාවන් හා කොරටු භෝග වගාවන් දෙනිපිටිය වැනි ප්‍රදේශ මුල් කොට ගනිමින් පාරම්පරිකව සිදු කරනු ලබයි.
කෘෂිකර්මාන්තය ප්‍රදේශයේ බහුතර ජනතාවකගේ ජීවනාලිය හා බද්ධව ඇති අතර, කුටුම්භ ආදායම සහ වියදම සැලකීමේ දී, එකී ආදායමෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් ගලා එනුයේ ද මෙකී කෘෂි භෝග වගාවන් හරහා වන අතරම, පරිභෝජන වියදම් තුළ ද ඉතා ඉහළ ප්‍රතිශතයකින් මෙකී කෘෂිකාර්මික භෝග මිලදී ගැනීම කෙරෙහි කුටුම්භ යොදවන ආකාරයක් ඔවුන්ගේ දෛනික ආදායම් වියදම් පරික්ෂා කිරීමේ දී පෙනී යයි.
සේවා වියුක්තිය සම්බන්ධයෙන් සලකා බැලූ කල්හි ද පෙනී යනුයේ වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙහි කාන්තා සේවා වියුක්තිය, පුරුෂ සේවා වියුක්තියට සාපේක්ෂව සැලකිය යුතු ආකාරයක ඉහළ මට්ටමකින් පවතින ආකාරයකි. ඔවුන් ද කිසියම් වු ආදායම් උත්පාදක කාර්යයක නියුක්ත වීම සදහා කැමැත්ත දැක්වුව ද ඒ සදහා පවතින මුල්‍යමය දුෂ්කරතා, ඔවුන්ගේ සමාජ-ආර්ථික, පාරිසරික ගැටලු හා ප්‍රමාණවත් නොවන පුහුණුව සහ දැනුම මෙන්ම ආකල්පමය වශයෙන් ඍණාත්මක වීම ආදිය නිසා ද ඔවුන්ගේ කායික හා මානසික ශ්‍රම ශක්තිය ප්‍රශස්ථ ලෙස උපයෝජනය කිරීමට නොහැකි වී ඇත.
02. ව්‍යාපෘති අවශ්‍යතාවය
උදාවූ නව සහශ්‍රය වූ කලි මෙතෙක් ලොව ඇති නොවූ දුර්භාගී තත්ත්වයන්ට සමස්ථ ලෝකවාසීන්ටම මුහුණ දීමට වූ අති භයංකර අවස්ථාවකි. පාරිසරික සහ ස්වභාවික අතින් ලොව එක් අංශයක් අධිකතර වර්ෂාවෙන් පීඩා විදි අතර, තවත් පාර්ශවයක් අධිකතර නියඟයට හසුව පීඩා විදීමත්, සමස්ථයක් ලෙස ලෝක ආහාර පරිභෝජන රටාව කෙරෙහි දැඩි සහ සෘජු ප්රතිවිපාකයන් මේ හේතුකොට ගෙන ඇති වීමත් දැක්විය හැකි ය.
ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ගෙන බලන කල්හි සමස්ථ ශ්‍රී ලාංකිකයන්ම මෙම ප්රතිවිපාකයන්ට යම්තාක් දුරකට නිරාවරණය වුවද, ජාතියේ වාසනාවට මෙන් මෙම පැමිණි උවදුරු කෙටි කාලයක් තුළ, බහුවිධ උපාය මාර්ග හරහා තුළිත කර ගැනීමට හැකි විය. මෙහිදී පළාත් මට්ටමෙන් මෙන්ම ජාතික මට්ටමෙන් දේශපාලන අධිකාරිය හා රාජ්‍ය නිලධාරීන් එකමුතුවී කටයුතු කිරීම දක්වාලිය හැකි ය.
සාපේක්සක වශයෙන් ඉහළ දරිද්‍රතා මට්ටමක් හා ඉහළ මන්ද පෝෂණ තත්ත්වයක් සමාජය තුළ ව්‍යාප්තවී ඇති අතර, මේ කෙරෙහි සාම්ප්‍රධායික ආහාර පුරුදුවල පවත්නා අඩුපාඩු මෙන්ම ඒක පුද්ගල එළවළු, පළතුරු, පරිභෝජන ගැටලු, පෝෂණීය තුළිත ආහාර දෛනික ආහාර වේලට එක් නොවීම දැඩි ලෙස බලපා ඇත.
එනයින්, වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුළ ග්‍රාම නිලධාරී වසම් 38ම නියෝජනය වන ආකාරයට ග්‍රාම නිලධාරී වසමකින් අවම වශයෙන් පවුල් 10ක් වත් තෝරා ගනිමින් මෙම ගෙවතු වගා පළතුරු භෝග වැඩසටහන ක්‍රියාවට නැගීමට අපේක්ෂා කරයි.
මෙහිදී මධ්‍යම රජය යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය ‘දිවි නැඟුම’ වැඩසටහන මඟින් දීප ව්‍යාප්තව ගෘහ ඒකක දශ ලක්ෂයක් නිර්මාණය කරන අවස්ථාවේදී, පළාත් මට්ටමෙන් සමාජයට නොදැනෙන, නොපෙනෙන, අතිමහත් කාර්යයක් සමාජය උදෙසා සිදු කරන දකුණු පළාත් සභාවේ කෘෂි කර්ම අමාත්‍යංශය හරහා දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයම ආවරණය කරමින් මෙවැන්නක් සිදු කිරීම තුළින්, ගෘහ පරිභෝජනයට අවශ්‍ය පළතුරු නොමිලයේ ලබා ගත හැකිවීම හා අතිරික්තය සමාජයට දායාද කිරීමට හැකිවීමත්, දීර්ඝ කාලීනව අඛණ්ඩ ඵලදාවක් එමඟින් හිමිවීමත්, පරිසර හිතකාමී හා අනාගත සමාජ අවශ්‍යතාවයට අවශ්‍ය පාදක ව්‍යූහය සකස් කිරීමට හැකිවීමත්, පළතුරු භෝග වගාව හරහා පුද්ගලයකුට ලබා දිය යුතු/ ලබාදිය හැකි පෝෂණය උපරිම වශයෙන ලබාදීමට හැකි වීමත් මෙහිදී වැදගත් කොට සැලකිය හැකිය (නිදර්ශනයක් ලෙස කෙසෙල්, අඹ, අලි පේර, දෙළුම් රඹුටන් වැනි දීර්ඝ කාලීන භෝග වගා කිරීම හරහා කුටුම්භයක් සංවර්ධනය කිරීමේ දී වර්ෂය පුරා මෙම භෝග හරහා ආදායම් ලැබීමට හැකිවීම මෙහිදී දැක්විය හැක).
ඒ අනුව මෙකී අරමුණු හා ව්‍යාපෘතිය මඟින් ඉටු කරගැනීමට අපේක්ෂිත පහත සඳහන් අරමුණු ඉටුකර ගැනීමේ අරමුණ පෙර දැරි කර ගනිමින් ජාතික අවශ්‍යතාවයක් ප්‍රාදේශිය පරිපාලන ඒකකයක් මඟින් සන්තෘප්ත කිරීමේ ශක්‍යතාවය ලබා ගැනීම මෙම ව්‍යාපෘතිය මඟින් අපේක්ෂා කරයි.
3. වැඩසටහනෙහි අරමුණු හා ප්රතිලාභ
1. ග්රාමීයව ගෙවතු වගාව ව්‍යාප්ත කරලීම.
2. නැවුම් පළතුරු ඔවුන්ගේ ගෙවත්ත තුළින් ලබා ගැනීමට ඇති හැකියාව ඉහළ නැංවීම.
3. අතිරික්ත නිෂ්පාදිතය වෙළද පොළට සැපයීම තුළින් අතිරේඛ ආදායමක් ඉපැයීම.
4. කාබනික පොහොර භාවිතය දිරි ගැන්වීම හා තම ගෙවත්තෙහි ඇති ශාක හා ඉවතලන ද්‍රව්‍ය භාවිත කොට කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය දිරි ගැන්වීම.
5. ජාතික ආහාර අර්බුදයට ග්‍රාමීය මට්ටමෙන් විසදුම් ලබාදීම.
6. අඩු පිරිවැයකින් ගුණත්වයෙන් ඉහළ ආහාර පරිභෝජන රටාවකට ජනතාව යොමු කිරීම.
7. දෛනික ආහාර වේළ තුළට පෝෂණිය හා සමබර ආහාර වේලක් ගෙවත්ත තුළින් ලබා ගැනීමට ඇති අවකාශය ඉහළ නැංවීම හා පළතුරුවල ඇති ඖෂධීය වැදගත්කම තුළින් සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් බිහි කිරීම.
8. ගෙවත්ත ආශ්‍රිතව ඇති නමුත් පරිභෝජනයට යොමු නොවූ ආහාර භෝග පිළිබඳව දැනුවත් කිරීම.
9. ජාතික නිෂ්පාදිතයට දායක නොවූ විවේකී ශ්‍රමය නිෂ්පාදන කාර්ය කෙරෙහි යොමු කරවා ගැනීම.
10. කෙටි හා දිගු කාලීන පළතුරු භෝග වගාව ව්‍යාප්ත කිරීම.
11. පවත්නා පාරිසරික සුන්දරත්වය ආරක්ෂා කරගනිමින් යටිභෝග, සෙවන අවශ්‍ය බෝග, උස්භෝග ආදී වශයෙන් ඇති විවිධ භෝග වර්ග පරිසරයට අවම හානියක් වන සේ ව්‍යාප්ත කරලීම.
12. නැවුම් පළතුරු යොදා ගනිමින් ඉදිරියේදී ග්රාමීයව ආරම්භ කළ හැකි කර්මාන්ත සඳහා පාදක ව්‍යූහය සකස් කිරීම (පළතුරු බීම, ජෑම්, චට්නි ආදිය) හා එමඟින් ස්වයං රැකියා දෙසට ප්‍රජාව යොමු කිරීම (සේවා වියුක්තිය අඩු කිරීම).
13. කුටුම්භය තුළ මානසික තෘප්තිය ඉහළ නැංවීම හා කුටුම්භ සහජීවනය ඉහළ නැංවීම.
04. ව්‍යාපෘති විස්තර-
වර්ග කිලෝමීටර 64.4ක වපසරියක් පුරා ව්‍යාප්තව ඇති වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුළ විෂම වූ භූවිෂමතා සහ විෂම වූ පාරිසරික ව්‍යාප්ති තත්ත්වයන් තේරුම් ගනිමින්, ඒ ඒ පාංශු තත්ත්වය තුළ වැවෙන භෝග වර්ග හදුනා ගනිමින් විවිධ පළතුරු භෝග වගා කිරීම මෙම ව්‍යාපෘතිය තුළින් අපේක්ෂා කරනු ලබයි.
ඒ අනුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සියලුම ග්‍රාම නිලධාරී වසම් නියෝජනය වන ආකාරයට පිහිටුවා ඇති ග්‍රාම සංවර්ධන සමිති මුල් කොට ගනිමින් එකී සමිති 38 කළාප 05කට බෙදා එම එක් එක් කළාපය මුල් කොට ගනිමින් ගෙවතු වගා වැඩසටහන පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම ප්‍රථම කාර්ය ලෙස සිදු කරන අතර, එතුළින් ආකල්පමය වශයෙන් වෙනසක් ජනතාව තුළ ඇති කිරීම සහ ගෙවතු වගා කිරීමෙහි ඇති වාසි සහගත තත්ත්වයන් අවබෝධ කරලීම තුළින් ගෙවතු වගාව කෙරෙහි ජනතාව ආකර්ශනය කර ගැනීමට සිදු කරනු ලබයි.
මෙම ආකර්ශනීය බව ඇති කිරීමත් සමඟම ඔවුන් යැපුම් මානසික මට්ටමෙන් මුදවා ගැනීම සහ මෙම කාර්යයෙහිලා ඔවුන්ගේ දායකත්වය, සහභාගීත්වය සහ අඛණ්ඩව පවත්වා ගෙනයාමේ වැදගත්කම අවබෝධ ෙකාට කැපවීම සහිත ප්රතිලාභ ලබාදිය යුතු පුද්ගලයින් තෝරා ගැනීම සිදු කරනු ලබයි. මෙහිදී පුද්ගලයින් හදුනා ගැනීමේ එක් නිර්ණායකයක් ලෙස ඔවුන්ට කොම්පොස්ට් නිපදවීමට දැනුවත් කොට පළමුව මෙම නිර්නායකය ඉටු කරන පුද්ගලයන් පළමු වටය සඳහා තෝරා ගැනීමට අෙප්ක්ෂා කරයි.
දෙවනුව, එකී කාර්යයෙහි වටිනාකම අවබෝධ කර ගත් හා එකී කාර්යයෙහි ඇති උවමනාව මත අදාල සාමාජිකයන් විසින් පළමුව සම්පූර්ණ කළ යුතු ක්‍රියාකාරකම් ක්‍රියාවට නැගීම සිදු කිරීමෙන් අනතුරුව (උදාහරණයක් ලෙස ගෙවත්තෙහි කොම්පොස්ට් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම), ඔවුන් අතරින් සුදුසු පුද්ගලයින් දසදෙනෙක් බැගින් ග්‍රාම නිලධාරී වසම් 38න් 380 දෙනෙක් මෙම පළතුරු භෝග වගාව සඳහා තෝරා ගනු ලැබේ.
තෙවනුව, මෙලෙස තෝරා ගත් සාමාජිකයන් සියලු දෙනා කළාප මට්ටමින් සම්බන්ධ කර ගනිමින් එම එක් එක් භෝග වගා කිරීම පිළිබඳව අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදෙනු ලබන අතර, මෙය ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමෙන් ප්‍රායෝගික පුහුණුවීම් ද සහිතව පවත්වනු ලැබේ. එලෙස එක් එක් වගාවන් පිළිබඳව දැනුම සහ පුහුණුව ලබාගත් සාමාජිකයින්ට පැළ ලබාදීමට මත්තෙන් තම අදාල කාර්යයට අවශ්‍ය පූර්ව සකස් කිරීම් විධිමත් කාලරාමුවක් තුළ පළමුව සිදු කළ යුතු අතරම, මෙම පියවරෙහිදී පැළ සිටුවීමට අවශ්‍ය පරිසර සකස් කිරීම අපේක්ෂා කරනු ලබයි.
සිවුවනුව, එම පූර්ව අවශ්‍යතා සම්පූර්ණ කළ සාමාජිකයන් සඳහා පළතුරු පැළ (අවම වශයෙන් වර්ග පහක) ලබා දීම සිදු කරනු ලබයි. (මෙහිදී ගෙවතු වගා හිමියන්ට වැඩිදුර දැනුම් අවශ්‍යතා ඇත්තේ යැයි හැඟී යන්නේ නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වීරපාන පළතුරු ගොවිපළ නැරඹීමට ක්ෂේත්‍ර චාරිකාවක් සංවිධානය කිරීම සිදු කළ හැකි ය.)
පස්වනුව, එකී පැළ ලබා ගත් සාමාජියන් නිසි ලෙස වගා කටයුතු සිදු කළ යුතු අතර, පැළ රෝපණයෙන් අනතුරුව දෛනික නිරීක්ෂණ සටහන් තැබීම කළ යුතු ය. ග්‍රාම සංවර්ධන සමිති නිලධාරීන් අවම වශයෙන් සතියකට වරක්වත් කණ්ඩායම් වශයෙන් බෙදී පළමු මාස තුන තුළ මෙම කටයුතු දැඩි අධීක්ෂණයට ලක් කරනු ලබන අතර, පසුව මසකට වරක් මෙම අධීක්ෂණ කටයුතු ඔවුන් විසින් සිදු කරනු ලැබේ. මීට අමතරව මසකට වරක් ප්‍රාදේශීය ලේකම්තුමියගේ අධික්ෂණය යටතේ මෙකී ක්ෂේත්‍ර අහඹු පරීක්ෂාවන්ට ලක් කිරීම අදාල නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.
සයවනුව, ඉතා සාර්ථකව වගා කටයුතු සිදු කරන සාමාජිකයන් ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් පළමු, දෙවන සහ තෙවන වශයෙන් ස්ථානීය ඇගයීමක් සිදු කිරීම සහ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුළ හොදම පළතුරු වගාකරු තෝරා ඔවුන් සඳහා කෘෂි උපකරණ කට්ටලයක් ප්‍රධානය කිරීමට අපේක්ෂා කරන අතර, වාර්ෂිකව මෙම ඇගයීම් කටයුතු සිදු කිරීමට ද අනිකුත් සාමාජිකයන් ද මෙම පළතුරු භෝග වගා කිරීමේ වැඩසටහනට වාර්ෂිකව සමබන්ධ කර ගැනීමට ද අපේක්ෂා කරයි.
මෙහිදී පැළ රෝපණ අවස්ථාවේ සිට නිසි විමර්ෂණයක් සිදු කරන අතර, අතිරේඛ ඵලදාවක් සාමාජික මට්ටමෙන් හදුනා ගැනීමට හැකි වුවහොත් පුද්ගලික මට්ටමෙන් ඒවා අලවි කර ගැනීමට හෝ සමිති විසින් එකී කාර්යය සිදු කිරීම සඳහා ඉදිරිපත් වනු ඇත.
ඒ අනුව මෙකී කාර්යය ප්‍රාදේශීය ලේකම්තුමියගේ පූර්ණ අධීක්ෂණයක් යටතේ අඛණ්ඩව පූර්ණ හා උපරිම ඵලදායිතාවයක් ඇති වන ආකාරයට පළතුරු පැළ ලබා දෙනු ලබන අතර, මෙකී කාර්ය අධීක්ෂණය හා නඩත්තුව හා පවත්වා ගෙන යාම අදාල ග්‍රාම සංවර්ධන සමිතියට පවරා දෙමින් විටින් විට අහඹු නීරීක්ෂණ ප්‍රාදේශීය ලේකම්තුමිය හා අදාල අනිකුත් නිලධාරීන් වෙතින් ද සිදු කිරීමට අපේක්ෂිතයි.
ඒ අනුව පළතුරු පැළ නිර්දේශිත පරතරය ඇතිව ක්ෂේත්රයේ සිටුවීම, පැළවලට අවශ්‍ය සෙවන සැපයීම, නිර්දේශිත කාබනික හා රසායනික පොහොර භාවිතය, පළතුරු පැළ කප්පාදුව, පළතුරු වගාවට උචිත ජල සම්පාදන ක්‍රම හදුන්වාදීම (බින්දු ජල තාක්ෂණ ක්‍රම), අස්වනු නෙළිම, අස්වනු ගබඩා කිරීම සහ නශ්‍ය නොවන ආකාරයට ප්‍රවාහනය කිරීම, නියමිත ප්‍රමිතියෙන් යුත් ඇසුරුම් භාවිතයට අදාල උපදේශන සේවා ලබාදීම පසු අස්වනු තාක්ෂණය, පළතුරු ආශ්රිත නිෂ්පාදන හා අතුරු නිෂ්පාදන කිරීම පිළිබඳ විවිධ පුහුණු වැඩසටහන් ආදිය පිළිබඳව ඒ එක් එක් කාලයන්හි දී අවශ්‍යතා අනුව උපදේශනය ලබාදීම සිදු කරනු ඇත.
05. ඉලක්ක කණ්ඩායම
· වැලිපිටිය ප්‍රදේශිය ලේකම් කොට්ඨාසය තුළ ග්‍රාම නිලධාරී වසමකින් අවම වශයෙන් දසදෙනෙකුවත් තෝරා ගනිමින් අවම වශයෙන් පැළ වර්ග 05ක්වත් එක් පවුලකට ලබා දෙමින් වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුළ අවම වශයෙන් ගෘහ ඒකක 380 (38x10)ක් පිහිටුවීම අපගේ ඉලක්කය වේ.
06. ක්‍රියාකාරී සැලැස්ම
ක්‍රියාකාරකම | කාලය | වගකීම | |||||||||
| මාර්තු | අප්‍රේල් | මැයි | ජුනි | ජූලි | අගෝස්තු | සැප්තැම්බර් | ඔක්තෝබර් | නොවැම්බර් | දෙසැම්බර් | |
ග්‍රාම සංවර්ධන සමිති සාමාජිකයන්ට ගෙවතු වගා වැඩසටහනෙහි වැදගත්කම, වටිනාකම, ප්රතිලාභ පිළිබඳව දැනුවත් කිරීම හා ආකල්පමය වෙනසක් ඇති කිරීම හා වගා කිරීමට අපේක්ෂා කරන්නන් පළමුව කළ යුතු කාර්ය පිළිබඳව දැනුවත් කිරීම | | ü | ü | | | | | | | | ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශිය ලේකම්තුමා සහකාර අධ්යක්ෂ සැලසුම් මහතා ග්‍රාම සංවර්ධන නිලධාරී, කෘෂි උපදේශක මහත්මීන්, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර මහත්ම මහත්මීන් අදාල බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහත්ම/මහත්මීන් |
සාමාජිකයන්ගේ රුචිකත්වය මත පළතුරු වගාවට අදාල භෝග බෙදා දීමට මත්තෙන් ඒ ඒ වගාවන්ට අදාල සුදුසුකම් සපුරා ඇත්දැයි පරීක්ෂාව හා කොම්පොස්ට් පොහොර ව්‍යාපෘතිය පටන් ගැනීම පරීක්ෂා කිරීම | | ü | | | | | | | | | ග්‍රාම සංවර්ධන නිලධාරී, කෘෂිකර්ම උපදේශක මහත්මීන්, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර මහත්ම මහත්මීන් අදාල බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක ග්‍රාම සංවර්ධන සමිති නිලධාරීන් |
සුදුසුකම් සපුරා ඇති සාමාජිකයන් අතුරින් පළතුරු වග කිරීමට දස දෙනෙකු තෝරා ගැනීම | | ü | | | | | | | | | ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශිය ලේකම්තුමා ග්‍රාම සංවර්ධන නිලධාරී, අදාල බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක ග්‍රාම සංවර්ධන සමිති නිලධාරීන් |
කළාප මට්ටමෙන් ඒ ඒ භෝග වර්ග වගාව පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම් කිරීම | | ü | ü | ü | | | | | | | ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශිය ලේකම්තුමා කෘෂිකර්ම උපදේශක මහත්මීන්, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර මහත්ම මහත්මීන් |
ක්ෂේත්‍ර අධික්ෂණය හා පසුවිපරම | | | ü | ü | ü | ü | ü | ü | ü | ü | ග්‍රාම සංවර්ධන නිලධාරී, අදාල බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක ග්‍රාම සංවර්ධන සමිති නිලධාරීන් |
පළතුරු බීජ/ පැළ ලබා දීම | | ü | ü | | | | | | | | ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශිය ලේකම්තුමා ග්‍රාම සංවර්ධන නිලධාරී, කෘෂි උපදේශක මහත්මීන්, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර මහත්ම මහත්මීන් |
ඒවා වගා කොට ඇත් දැයි ක්ෂේත්‍ර අධික්ෂණය | | ü | ü | ü | | | | | | | ග්‍රාම සංවර්ධන නිලධාරී, අදාල වසමෙහි ග්‍රාම නිලධාරී මහත්ම/මහත්මීන් අදාල බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක ග්‍රාම සංවර්ධන සමිති නිලධාරීන් |
අදාල ලේඛන නඩත්තු කිරීම හා පසුවිපරම | | ü | ü | ü | ü | ü | ü | ü | ü | ü | අදාල බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක ග්‍රාම සංවර්ධන සමිති නිලධාරීන් හා භෝග වැවිලිකරුවන් |
සමිති මට්ටමෙන් නිරන්තර අධික්ෂණ කාර්ය කිරීම හා පසුවිපරම | | ü | ü | ü | ü | ü | ü | ü | ü | ü | ග්‍රාම සංවර්ධන නිලධාරී, අදාල බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක ග්‍රාම සංවර්ධන සමිති නිලධාරීන් |
ප්‍රාදේශිය ලේකම්තුමිය හා අදාල නිලධාරීන් අධික්ෂණ කාර්ය කිරීම හා පසුවිපරම | | ü | | ü | | ü | | ü | | ü | ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශිය ලේකම්තුමා සහකාර සැලසුම් අධ්යක්ෂ ග්‍රාම සංවර්ධන නිලධාරී, කෘෂි උපදේශක මහත්මීන්, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර මහත්ම මහත්මීන් |
හොදම ගෙවතු ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් හා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමෙන් තේරීම | | | | | | | | | | ü | ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශිය ලේකම්තුමා ග්‍රාම සංවර්ධන නිලධාරී, අදාල වසමෙහි ග්‍රාම නිලධාරී මහත්ම/මහත්මීන් |
සමිති විසින් මෙම කාර්ය අඛණ්ඩව පවත්වා ගෙන යාම පසුවිපරම හා පසුපෝෂණය | | ü | ü | ü | ü | ü | ü | ü | ü | ü | ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශිය ලේකම්තුමා සහකාර අධ්යක්ෂ සැලසුම්, ග්‍රාම සංවර්ධන නිලධාරී, කෘෂි උපදේශක මහත්මීන්, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර මහත්ම මහත්මීන් සහ අදාල බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක ග්‍රාම සංවර්ධන සමිති නිලධාරීන් |
07. පිරිවැය ඇස්තමේන්තුව
පිරිවැය ඇස්තමේන්තුව | ||||
| කාරණය | ඒකක ප්‍රමාණය | ඒකක පිරිවැය | මුළු පිරිවැය |
1 | කළාප මට්ටමෙන් මෙම වැඩසටහන පිළිබඳව ග්‍රාම සංවර්ධන සමිති දැනුවත් කිරීම සඳහා උපදේශක දීමනා ගෙවීම (ගෙවතු වගාවෙහි ඇති වැදගත්කම හා එහි ඇති ප්රතිලාභ පිළිබඳව දැනුවත් කිරීම හා ආකල්පමය වෙනසක් ඇති කිරීම | 5 | රු. 3,000.00 | රු. 15,000.00 |
2 | සංග්‍රහ වියදම් තේ ලබාදීම- එක් සමිතියකින් සාමාජිකයන් 30ක් බැගින් සමිති 38 | 1140 | රු. 15.00 | රු. 17,100.00 |
3 | කළාප අනුව තෝරා ගත් සාමාජිකයන් සඳහා එම එක් එක් වගාවන් පිළිබඳව දැනුවත් කිරීම හා ප්‍රායෝගික පුහුණු වැඩමුළු පැවැත්වීම | 5 | රු. 4,000.00 | රු. 20,000.00 |
4 | සංග්‍රහ වියදම් තේ ලබා දීම- එක් සමිතියකින් සාමාජිකයන් 10ක් බැගින් සමිති 38 + නිලධාරීන් 5 බැගින් කළාප 5 | 405 | රු. 20.00 | රු. 8,100.00 |
5 | ශාක වර්ධන සටහන් වාර්තා | 380 | රු. 20.00 | රු. 7,600.00 |
6 | පළතුරු පැළ සඳහා | | | රු. 0.00 |
I | අඹ (වෙල්ලෙයි කොළොම්බන්, දම්පර්, පීටර් පසන්ඩ් හෝ විලාඩ්) | 380 | රු. 200.00 | රු. 76,000.00 |
II | දූරියන් | 38 | රු. 225.00 | රු. 8,550.00 |
III | කෙසෙල් (පුවාළු, සීනි කෙසෙල්, ඇම්බන්, රතඹලා, ඇඹුල්, බි කෙහෙල්) | 380 | රු. 40.00 | රු. 15,200.00 |
IV | මැංගුස් | 38 | රු. 200.00 | රු. 7,600.00 |
V | රඹුටන් (මල්වාන ස්පෙෂල්, මැලයන් රතු, මැලයන් කහ) | 380 | රු. 200.00 | රු. 76,000.00 |
VI | අලි පේර | 380 | රු. 175.00 | රු. 66,500.00 |
VII | නෙල්ලි | 38 | රු. 125.00 | රු. 4,750.00 |
VIII | පැපොල් (රෙඩ්ලේඩ්, රත්න) | 76 | රු. 45.00 | රු. 3,420.00 |
IX | පැණි දොඩම් (බිබිලේ පැණි දොඩම්, බිබිලේ බීජ රහිත පැණි දොඩම්, ආරෝග්‍යා) | 76 | රු. 200.00 | රු. 15,200.00 |
X | කජු | 38 | රු. 200.00 | රු. 7,600.00 |
XI | දෙළුම් | 380 | රු. 125.00 | රු. 47,500.00 |
7 | ප්‍රවාහන වියදම් | | | රු. 3,000.00 |
| | | | රු. 399,120.00 |
8 | අවිනිශ්චිත වියදම් 8% | | | රු. 31,929.60 |
| මුළු පිරිවැය | 2204 | | රු. 431,049.60 |
08. වැඩසටහන් අධීක්ෂණය ප්‍රාදේශීය ලේකම්
සහකාර ප්‍රාදේශිය ලේකම්
සහකාර අධ්යක්ෂ සැලසුම්
සම්බන්ධීකරණය ග්‍රාම සංවර්ධන නිලධාරී
ක්‍රියාත්මක කිරීම ග්‍රාම සංවර්ධන නිලධාරී
ග්‍රාම නිලධාරී
ප්‍රදේශයේ අදාල ග්‍රාම සංවර්ධන සමිති නිලධාරීන්
පසු විපරම ප්‍රාදේශීය ලේකම්
සහකාර ප්‍රාදේශීය ලේකම්
සහකාර අධ්යක්ෂ සැලසුම්
ග්‍රාම සංවර්ධන නිලධාරී
ග්‍රාම නිලධාරී
සමාප්තයි.
....................
දිනය- අනුමත කරමි
1 comment:
share it with others
Kind regard
Aruan
Post a Comment