Monday, April 18, 2011

Rural Development Ordiance in Southern Province


ග්‍රාම සංවර්ධන සමිති ව්‍යවස්ථාව
1.    නාමය
මෙම සමිතිය ................................................... ග්‍රාම සංවර්ධන සමිතිය නමින් හදුන්වනු ලැබේ.
2.    කාර්යාල හා ලියුම් ලැබෙන පිළිවෙළ .............................................................................................. ......... ...............................................................................................................................................................
3.       බල ප්‍රදේශය
3.1.   ග්‍රාම නිලධාරී වසම සමිතියේ බල සීමාව වන්නේ ය.
3.2.   ......................... දිස්ත්‍රික්කයේ ......................... ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ අංක .............. දරණ ................................................. නැමැති ග්‍රාම නිලධාරී වසම/වසමේ  .......................................... ගම/ගම් කොටස මෙම සමිතියේ බල ප්‍රදේශය වන්නේ ය. (විශේෂිත හේතූන් මත එක් ග්‍රාම නිලධාරී වසමක තවත් සමිති පිහිටුවීමේ අයිතිය ග්‍රාම සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් සතුය.)
4.    පරමාර්ථය
ග්‍රාමීය ජනතාවගේ ශ්‍රම ශක්තිය හා සහභාගීත්වය තුළින් ඔවුන්ගේ ආර්ථික, සාමාජික හා සංස්කෘතික සංවර්ධනයක් සඳහා ක්‍රියාකිරීම සමිතියේ පරමාර්ථය වන්නේ ය.
ඒ සඳහා පහත සඳහන් අරමුණු ඉටුකර ගැනීමට ක්‍රියා කළ යුතු ය.
i.     ගැමිසෙත සංවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම
ii.   ගමේ සම්පත් හා ශක්තීන් හඳුනාගෙන එයින් උපරිම ප්‍රයෝජන ගැනීමට කටයුතු කිරීම
iii. බාහිර සම්පත් හා සේවාවන් ළඟාකර ගැනීම
5.    සාමාජිකත්වය
5.1.   ග්‍රාම සංවර්ධන සමිති බල ප්‍රදේශයට අදාල බල සීමාවේ ස්ථිර පදිංචිය ඇති වයස අවුරුදු 18ට වැඩි අයට සමිතියේ සාමාජිකත්වය ලබාගත හැකි ය.
5.2.   ආරම්භක සභා රැස්වීමට පැමිණ රු.15.00ක සාමාජික මුදලක් ගෙවා පැමිණීමේ ලේඛනයේ අත්සන් තබන අය සමිතියේ ආරම්භක සාමාජිකයන් වන්නේ ය.
5.3.   (ඉහත 5.1 යටතේ සුදුසුකම් තිබෙන අයට) මහාසභා රැස්වීමකට පැමිණ සාමාජික මුදල් ගෙවා ඉල්ලුම්පතක් ඉදිරිපත්කර සාමාජිකත්වය සඳහා අයදුම් කළ හැකි ය. එසේ ඉල්ලුම් කරන අයගේ සාමාජිකත්වය මහාසභා විසින් යෝජනා ස්ථිරත්වයෙන් සභා සම්මත කළ යුතු ය.
5.4.   ආරම්භක රැස්වීමෙන් පසුව පවත්නා රැස්වීම්වලදී සමිතියේ සාමාජිකත්වය ලබාගන්නා අයවලුන්ට සමිතියේ නිලතල දැරීමට හෝ යෝජනා ස්ථිර කිරීමට හැකියාව ඇත්තේ සාමාජිකත්වය ලබාගත් රැස්වීමෙන් පසුව පැවැත්වෙන මහාසභා රැස්වීම්වලදී පමණි.
5.5.   ආරම්භක සාමාජිකයන් එදින රැස්වීමට පෙර ග්‍රාම නිලධාරීට සාමාජික මුදල් රු.15.00ක් ගෙවා සාමාජිකත්වය ස්ථිර කරගත යුතු ය. නැතහොත් සාමාජිකත්වය වලංගු නොවේ. පසුව එම මුදල් සමිතියේ භාණ්ඩාගාරිකට භාරදිය යුතු ය.
6.    සාමාජික නාම ලේඛනය
පහත සඳහන් කරුණු ඇතුළත් නාම ලේඛනයක් සමිතියේ ලේකම් විසින් පවත්වාගෙන යා යුතු ය.
i          සාමාජික අංකය
ii        සාමාජිකයාගේ නම
iii      ලිපිනය
iv       සාමාජිකත්වය ලබාගත් දිනට වයස
v         ගම/යාය/ජනපදයේ නම
vi       සාමාජිකත්වය ලැබූ දිනය
vii     සාමාජිකත්වය අහිමි වූ දිනය
viii   සාමාජිකත්වය අහිමිවීමට හේතුව
ix       සාමාංජිකයාගේ අත්සන
7.    සාමාජිකත්වය අහිමිවීම
පහත සඳහන් ඕනෑම කරුණක් නිසා සාමාජිකත්වය අහිමි වේ.
i          වාර්ෂික සාමාජික මුදල් නොගෙවීම
ii        ගමේ පදිංචිය හැරයාම
iii      ඉල්ලා අස්වීම
iv       මරණය
v         මහාසභාව විසින් සාමාජිකත්වය අහිමි කිරීම
vi       සමිතිය විසින් වාර්ෂිකව පවත්වනු ලබන මහාසභා රැස්වීම්වලින් පිටපිට වාර තුනක් නොදන්වා නොපැමිණීම
vii     සමිතියේ තීරණ හා පරමාර්ථවලට පටහැනිව ක්‍රියාකිරීම
8.    මහාසභා රැස්වීම් පැවැත්වීම
8.1.   යටත් පිරිසෙන් මාස 03කට වරක්වත් මහාසභා රැස්වීම පැවැත්විය යුතු වේ. ලේකම් විසින් රැස්වීම් පවත්වන දිනය, ස්ථානය, වේලාව, දින හතකට පෙර සාමාජිකත්වයට දැන්වීමට සැලැස්විය යුතු වේ.
8.2.   අඩු වශයෙන් මාස 02කට වරක්වත් කාරක සභා රැස්වීම් පැවැත්විය යුතු ය. අවශ්‍ය වූ විටෙක කාරක සභා රැස්වීම් පැවැත්විය හැක. කාරක සභා රැස්වීම් පැවැත්වීමට දින 03කට කලින් ලේකම් විසින් කාරක සභාවේ සාමාජිකයන්ට දැනුම්දිය යුතු වේ.
9.    විශේෂ මහාසභා රැස්වීම
9.1.   කාරක සභාවේ තීරණයක් අනුව, සභාපතිගේ ලිඛිත ඉල්ලීමක් අනුව කොට්ඨාසයේ ග්‍රාම සංවර්ධන නිලධාරීගේ හෝ ග්‍රාම සංවර්ධන සහකාර අධ්‍යක්ෂගේ හෝ ප්‍රාදේශිය ලේකම්ගේ හෝ ග්‍රාම සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්ගේ නියමයන් අනුව හා සාමාජිකයන්ගේ 1/3ට නොඅඩු පිරිසකගේ ලිඛිත ඉල්ලීමක් අනුව විශේෂ මහාසභා රැස්වීම කැඳවිය හැකි ය.
9.2.   විශේෂ මහාසභා රැස්වීමක් පැවැත්වීමට දින 07කට කලින් ප්‍රසිද්ධ දැන්වීම් පළකර සාමාජිකත්වයට විධිමත්ව දැන්විය යුතු ය. සාකච්ඡා කරන ප්‍රධාන කරුණු ද දැන්වීම්වල සඳහන් විය යුතු ය.
9.3.   අවශ්‍ය අවස්ථාවලදී කාරක සභා රැස්වීම් කැඳවීමට ක්‍රියා කිරීමට ග්‍රාම සංවර්ධන නිලධාරී, ග්‍රාම සංවර්ධන සහකාර අධ්‍යක්ෂ, ප්‍රාදේශිය ලේකම් සහ ග්‍රාම සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්ට ද හැකි ය.
9.4.   සමිතියේ නිල කාලය තුළ පවත්නා නිලධාරී මණ්ඩලය ගැන සාමාජිකත්වය නොකැමැති වූ විට දින 21ක් කල් දී පවත්වන විශේෂ මහාසභා රැස්වීමකදී සාමාජිකත්වයේ 2/3 ඡන්දයෙන් එක් නිලධාරියකු, මුලු නිලධාරී මණ්ඩලයම හෝ ඉවත් කිරීමේ බලය සාමාජිකත්වයට හිමි වේ. එදිනම පුරප්පාඩු වන තනතුර හෝ තනතුරු පුරවා ගැනීමට ද ක්‍රියාකළ හැකි ය.
මෙම විශේෂ මහාසභා රැස්වීම පිළිබඳව සාමාජිකයන්ගේ ඉල්ලීම ග්‍රාම සංවර්ධන නිලධාරී මඟින් ප්‍රාදේශිය ලේකම් වෙත ඉදිරිපත් කර, ඔවුන්ගේ අනුදැනුම මත මහාසභා රැස්වීම පැවැත්විය යුතු වේ.
9.5.   විශේෂ මහාසභා රැස්වීම්වලදී නව සාමාජිකත්වය සඳහා වන ඉල්ලීම් අනුමත කිරීම නොකළ යුතු ය. ඉහත අංක 9.4 පරිදි පත්කර ගන්නා නිලධාරී‍න්ගේ නිල කාලය, සමිතියේ වසර තුනක නිල කාලයෙන් ඉතිරිය වේ.
9.6.   අදාල විශේෂ මහාසභා රැස්වීම පැවැත්වීමේ ඉල්ලුම ඉදිරිපත් වී සති 04කට වඩා සමිතියේ නිලධාරීන් ප්‍රමාද කරන්නේ නම්, සමිතිය අක්‍රීය සමිතියක් ලෙස සලකා ක්‍රියාකළ යුතු වේ.
10.    නිලවරණ රැස්වීම් පැවැත්වීම
10.1.  ග්‍රාම සංවර්ධන සමිතියක ආරම්භක රැස්වීම අමාත්‍යංශයේ ලේකම්ගේ අනුමැතියෙන් ප්‍රාදේශීය ලේකම් විසින් ග්‍රාම නිලධාරී මඟින් දැන්වීම් ප්‍රසිද්ධ කර, ග්‍රාම සංවර්ධන නිලධාරීගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු කළ යුතු ය.
10.2.  සමිතියක නිල කාලය වසර තුනකි. සමිතියේ ආරම්භක රැස්වීම හෝ නිලවරණ රැස්වීම පවත්වා වසර තුනක් ඉකුත්වීමට පූර්වයෙන් එන මාසය තුළදී හෝ ඊට පෙර ඊළඟ නිලවරණය පවත්වා සමිතියට කාරක සභාව ඇතුලු නිලධාරී මණ්ඩලයක් පත්කර ගත යුතු වේ.
10.3.  නිලවරණය පවත්වන දිනය, වේලාව හා ස්ථානය දින 14කට කලින් ප්‍රසිද්ධ කළ යුතු වේ. එම දැන්වීම්වල සමිතියට නිලධාරී මණ්ඩලයක් පත්කර ගන්නා බව විශේෂයෙන් සඳහන් කළ යුතු වේ.
10.4.  නිලවරණ පැවැත්වීම සමිතියේ කාරක සභාවේ වගකීමක් වන අතර, මෙම රැස්වීම පිළිබඳව ග්‍රාම නිලධාරී/ ග්‍රාම සංවර්ධන නිලධාරී හා ප්‍රාදේශිය ලේකම් දැනුවත් කළ යුතු ය.
10.5.  නියමිත කාලය තුළ දී නිලවරණ ‍නොපවත්වන සමිති අක්‍රීය සමිති ලෙස සැලකිය යුතු ය.
10.6.  නිලධාරීන් තේරීම සම්මුතියෙන් හෝ රහස් ඡන්දයෙන් කළ හැකි වේ.
10.7.  නිලවරණය පැවැත්වූ පළමු දිනයේ සිටම නව නිලධාරී මණ්ඩලය සිය සේවා ක්‍රියාත්මක කළ යුතු වේ.
10.8.  නිලවරණයේ දී සමිතියට නව නිලධාරීන් තෝරා පත්කර ගැනීමට පූර්ව දින සිට සුදුසුකම්ලත් සාමාජික නාම ලේඛනය බලා ගැනීමට අවස්ථාව සලසාදීම ලේකම්ගේ වගකීමක් වේ.
10.9.  නිලවරණ පවත්වන මහාසභා රැස්වීමේදී පහත සඳහන් වාර්තා ඉදිරිපත් කළ යුතු ය.
10.9.1.  ගතවූ කාලය තුළ කරන ලද වැඩ ගැන ප්‍රගති වාර්තාව
10.9.2.  විගණනය කරන ලද ගිණුම් වාර්තාවක්
10.10. පොදු ස්ථානයක මහාසභා රැස්වීම, විශේෂ මහාසභා රැස්වීම, පුතිසංවිධාන රැස්වීම් යනාදී සියල්ල පැවැත්විය යුතු ය.
11.    අක්‍රීය සමිති ප්‍රතිසංවිධානය
11.1.  ඉහත 9.6 වගන්තිය යටතේ සහ 10.5 වගන්තිය යටතේ අක්‍රීය වන සමිති හා නියමිත පරිදි මහාසභා රැස්වීම් පවත්වා, සමිතියේ අරමුණු හා පරමාර්ථ ඉටුකර ගැනීමට ක්‍රියා නොකිරීමේ හේතුවෙන් අක්‍රීය වන සමිති ග්‍රාම සංවර්ධන නිලධාරිගේ හා ප්‍රාදේශිය ලේකම්ගේ නිර්දේශය මත ග්‍රාම සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්ගේ අනුමැතියෙන් ප්‍රතිසංවිධානය කිරීමට කටයුතු කරනු ලැබේ. සමිතියක් අක්‍රීය බවට පත්වූ විට ඒ බැව් සභාපති/ ලේකම් වෙත, ග්‍රා.සං.නි./ ප්‍රා.ලේ. විසින් ලිඛිතව දැන්විය යුතු ය.
11.2.  මේ අනුව කරනු ලබන ප්‍රතිසංවිධාන රැස්වීමක් ආරම්භක රැස්වීමක්සේ සලකා ක්‍රියා කළ යුතු ය.
12.    ගණපූරණය
12.1.  සමිති ආරම්භක රැස්වීමේදී අක්‍රීය සමිති ප්‍රතිසංවිධාන රැස්වීමකදී ගමේ පදිංචි පවුල් සංඛ්‍යාවෙන් අවම වශයෙන් පවුල් 25ක් වත් සිටිය යුතු ය.
12.2.  මහාසභා රැස්වීමකදී හා විශේෂ මහාසභා රැස්වීමකදී හා නිලවරණ රැස්වීමකදී අවම වශයෙන් එක් පවුලකින් එක් අයෙකු වන සේ සාමාජිකයන් 20ක් වත් සහභාගිවිය යුතු ය.
12.3.  කාරක සභා රැස්වීමකදී ගණපූර්ණය කාරක සභිකයන් 06කි.
13.    නිලධාරී මණ්ඩලය
13.1.  ආරම්භක රැස්වීම, නිලවරණ රැස්වීම හා ප්‍රතිසංවිධාන රැස්වීමේදී සමිතියට, I. සභාපති, II. උප සභාපති,  III. ලේකම්,  IV. උප ලේකම්,  V. භාණ්ඩාගාරික යන නිලධාරීන් පත්කර ගත යුතු ය.
13.2.  කාරක සභාවට නිලධාරී මණ්ඩලය හැර සාමාජිකයන් 06දෙනෙකු තෝරා පත්කර ගත යුතු ය. මේ අනුව මුලු කාරක සභාව 11දෙනෙකුගෙන් සමන්විත වේ.
13.3.  ගණන් පරීක්ෂකවරයෙක් සහ අනුශාසකවරු පත්කර ගත හැකි ය. මෙම තනතුරු දරණ අය කාරක සභාවට අයත් නොවේ.
13.4.  අවශ්‍ය අවස්ථාවලදී සාමාජිකයන්ගෙන් අනුකාරකසභා පත්කර ගත හැකි ය.
14.     සමිතියේ නිලධාරී මණ්ඩලය හා කාරක සභාවට පත්වීමට සුදුසුකම්
14.1.  ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද, පළාත් සභා මන්ත්‍රීවරුන්ටද, නාගරික හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ටද, සමිතිවල නිලතල දැරිය නොහැක.
14.2.  ග්‍රාම සංවර්ධන අමාත්‍යංශයේ නිලධාරීන්‍ට ද, ප්‍රාදේශිය ලේකම් හා ග්‍රාම නිලධාරීන්ට ද, තමාගේ රාජකාරි ප්‍රදේශය තුළ ග්‍රාම සංවර්ධන සමිතිවල නිලතල දැරිය නොහැක.
14.3.  අපරාධ නඩු විධිවිධාන සංග්‍රහය යටතේ හෝ වෙනත් විෂමාචාරයකට, නීතියට අනුව දඩුවම් ලබා, එය අවසන් වී පස්වසක් ඉක්ම නොගිය අයට නිලතල දැරිය නොහැක.
14.4.  සමිතියේ සාමාජිකයෙකුව සිටියදී එහි දේපල පරිහරණය, සමිති සාමාජික කටයුතු සම්බන්ධ කවර හෝ විෂමාචාර ක්‍රියාවක යෙදුන බවට අමාත්‍යංශ ලේකම් විසින් තීරණය කර ඇති විටෙක එම අයට සමිතියේ නිලතල දැරිය නොහැක.


15.     සමිතියේ වත්කම් භාරදීම
15.1.  සමිතියේ නිලධාරී මණ්ඩලය වෙනස්වී සතියක් ඇතුළත සමිතියේ වත්කම්, දේපළ, පොත්පත්, ගණන් බලා හරියාකාරව නව නිලධාරීන්ට භාර නොදුන් විට, කොට්ඨාසයේ ප්‍රාදේශිය ලේකම් අවශ්‍ය ව්‍යවස්ථානුකූල තීරණ ගෙන ඒවා අදාල නිලධාරීන්ට භාරදීම‍ට ක්‍රියා කරනු ලැබේ.
15.2.  සමිතියේ ලියාපදිංචිය අවලංගු වූ විට හෝ වෙනත් හේතුවක් මත දේපළ පවරාගත යුතු යැයි තීරණයක් ගත් විට, ග්‍රාම සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් විසින් නම් කරනු ලබන නිලධාරියෙකුට සමිතියේ දේපළ පවරා දිය යුතු ය.
15.3.  ඉහත 15.1 සහ 15.2 වගන්ති අනුව ක්‍රියාකිරීමේදී එහි යම් ප්‍රමාදයක්, ඌණතාවයක්, ඛණ්ඩවීමක් ඇතිවුව හොත් ග්‍රාම සංවර්ධන අමාත්‍යංශ ලේකම් අවශ්‍ය පියවර ගත යුතු ය.
16.    විගණනය
16.1.  සෑම වසරක් පාසාම සමිතියේ ගිණුම් කටයුතු පරීක්ෂා කර, සහතික කර, කාරක සභාව අනුමත කර, ගණන් පරීක්ෂක එම වාර්තාව වසරක් ඉකුත්වී මාස 03ක් ඇතුළත මහාසභාවට ඉදිරිපත් කර සම්මත කරගත යුතු ය.
16.2.  එහි පිටපත් ග්‍රාම සංවර්ධන නිලධාරී මඟින් ප්‍රාදේශීය ලේකම්ට, ග්‍රාම සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්ට එවිය යුතු ය.
17.    නිලධාරීන්ගේ කාර්යභාරය
17.1.  සභාපති
17.1.1.  සභාපති, සභා රැස්වීම්වල, කාරක සභා රැස්වීම්වල මුලසුන දැරිය යුතු ය (සභාපති නොමැති අවස්ථාවලදී උප සභාපති විසින් මුලසුන දැරිය යුතුය).
17.1.2.  සමිති තීරණ ක්‍රියාවේ යෙදවීම, ප්‍රගති විමර්ශනය කිරීම, පසුවිපරම් කිරීම
17.2.  ලේකම්
17.2.1.  සමිතියේ පහත සඳහන් පොත්පත් පැහැදිලිව, පිරිසිදුව පවත්වා ගෙන යා යුතු වේ.
17.2.1.1.     සාමාජික නාම ලේඛනය
17.2.1.2.     මහාසභා වාර්තා පොත
17.2.1.3.     කාරක සභා වාර්තා ‍පොත
17.2.1.4.     රැස්වීම්වලට පැමිණීමේ අත්සන් ලේඛනය
17.2.1.5.     ලොග් සටහන්, ප්‍රගති වාර්තා ලිපිගොනු
17.2.2.  රැස්වීම් කැඳවීම, ලිපි ලේඛන භාරව සිටීම, වාර්තා ගත කිරීම, ප්‍රගති වාර්තා ඉදිරිපත් කිරීම ලේකම් තැනගේ කටයුතු අතර වේ (ලේකම් නොමැති අවස්ථාවල ඔහුගේ කාර්යයන් ඉටු කිරීම හා ලේකම්ට සහායවීම උප ලේකම්ගේ වගකීම වේ).
17.2.3.  සමිතියේ නිල මුද්‍රා, ගිවිසුම්පත්, ඔප්පු සුරක්ෂිතව තබා ගැනීම හා නිලය අහිමි වූ විට ආපසු භාරදීම කළ යුතු ය.
17.3.  භාණ්ඩාගාරික
17.3.1.  මුදල් පොත පවත්වාගෙන යාම
17.3.2.  අත් මුදල් භාරව සිටීම
17.3.3.  සමිතියේ දේපළ, භාණ්ඩ භාරව සිටීම
17.3.4.  අයවැය වාර්තාව, විගණන වාර්තාව ඉදිරිපත් කිරීම
17.3.5.  බඩු වට්ටෝරු පොත භාරව සිටීම
17.3.6.  චෙක්පත්, බැංකු පොත් භාරව සිටීම
17.4.  ගණන් පරීක්ෂක
වාර්ෂිකව ගිණුම් පරීක්ෂා කර සහතික කිරීම
17.5.  අනුශාසකවරු
සමිතියේ කටයුතු ඵලදායි ලෙස පවත්වාගෙන යාමට, අක්‍රීය වූ විට නිසි පිළියම් යෙදීමට උපදෙස් දිය යුතු වේ.
17.6.  කාරක සභාව
සමිතියේ සියලු කටයුතු මෙහෙයවීමේ වගකීම පැවරේ
17.7.  අනු කමිටු
සමිතියේ විශේෂ සංවර්ධිත වැඩ සඳහා අනු කමිටු පත් කළ හැක.
17.8.  භාරකාර මණ්ඩලය
සමිතියේ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික තිදෙනා භාරකාර මණ්ඩලය හැටියට ක්‍රියා කරයි.
17.8.1.  සමිතියේ සම්පත්, ඉඩම්, චංචල දේපළ, මුදල් මේ ආදී සියල්ලක්ම භාරකාර මණ්ඩලය භාරයේ තිබේ. ඔවුන් තනිතනිවද, සාමූහිකවද වගකිව යුතු වේ. ඉවත්ව යන විට නිරවුල්ව එම දේපළ භාරදීම කළ යුතු වේ.
17.8.2.  සමිතියේ නිලතල අහිමි වූ විට හෝ ඉල්ලා අස්වී යන විට අනුප්‍රා‍ප්තිකයන්ට සිය තනතුරේ සියලු වගකීම් නිසියාකාරව භාරදිය යුතු ය.
17.8.3.  සමිතියට නව නිලධාරී මණ්ඩලයක් පත්කරන තුරු හෝ දේපළ පවරාදෙන තුරු හිටපු නිලධාරීන් සමිතියේ භාරකරුවන් ලෙස තම වගකීම් දැරිය යුතු ය.
18.     සමිතියේ අරමුදල
පහත සඳහන් ලැබීම් හා අයකිරීම්වලින් සමිතියේ අරමුදල ගොඩනැගේ.
18.1.  සාමාජික මුදල්
18.2.  සාමාජික තැන්පතු මුදල්
18.3.  රජයෙන් ලැබෙන ආධාර මුදල්
18.4.  ණයට ගන්නා මුදල්
18.5.  පරිත්‍යාග මුදල්
18.6.  පොලී මුදල්
18.7.  සාමාජික අවශ්‍යතා අනුව ගොඩනඟන වෙනත් අරමුදල් හා කොටස් මුදල්
18.8.  රාජ්‍ය නොවන ආයතනවලින් ලැබෙන ආධාර මුදල්
18.9.  සම්මත වෙනත් ඉපැයීම්
18.10. කොන්ත්‍රාත් කටයුතු හා සේවාවලින් උපයාගන්නා 5% හෝ වෙනත් ප්‍රතිශතක සේවාදායක මුදල් ලාභාංශ
19.    සමිතියේ සාමාජික මුදල
19.1.  සමිතියේ සාමාජික මුදල වර්ෂයකට රු.15ක් වේ. එය වාර්ෂිකව අලුත් කරවා ගත යුතු ය.
19.2.  සෑම සාමාජිකයකුටම සාමාජික කාඩ්පතක් නිකුත් කළ යුතු ය.
20.    දකුණු පළාත් ග්‍රාම සංවර්ධන අරමුදලේ මුදල් තැන්පත් කිරීම සහ ග්‍රාම සංවර්ධන ප්‍රාදේශිය බලමණ්ඩලයේ සාමාජිකත්වය ලබා ගැනීම
ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි සියලුම ග්‍රාම සංවර්ධන සමිති දකුණු පළාත් ග්‍රාම සංවර්ධන අරමුදලේ මුදල් තැන්පත් කළ යුතු ය. සෑම ග්‍රාම සංවර්ධන සමිතියක්ම ප්‍රාදේශිය ග්‍රාම සංවර්ධන සමිති බල මණ්ඩලයේ සාමාජිකත්වය ලබාගත යුතු ය.
21.    සමිතියේ අරමුදල් පාලනය
21.1.  සමිතියේ අරමුදල්වලින් රු.1000.00කට නොවැඩි මුදලක් භාණ්ඩාගාරික අත තබාගත හැකි ය.
21.2.  ඉතිරි මුදල් දකුණු පළාත් ග්‍රාම සංවර්ධන අරමුදලේ හෝ රාජ්‍ය බැංකුවක හෝ දකුණු පළාත් සමුපකාර කොමසාරිස් විසින් අනුමත කළ සමුපකාර මූල්‍ය ආයතනයක තැන්පත් කළ යුතු ය.
21.3.  බැංකුවලින් මුදල් ආපසු ගැනීමේ දී සමිතිය වෙනුවෙන් භාණ්ඩාගාරික සමඟ ලේකම් හෝ සභාපති ද, රජය වෙනුවෙන් ග්‍රාම සංවර්ධන නිලධාරි හෝ ප්‍රාදේශිය ලේකම් ද අත්සන් කළ යුතු ය. ග්‍රාම සංවර්ධන සමිතියක් අක්‍රීයකාරී වූ අවස්ථාවක අමාත්‍යංශ ලේකම්ගේ ලිඛිත අනුමැතියක් ලබාගෙන, එම සමිති ගිණූමේ තැන්පත් මුදල් සියල්ලක්ම හෝ කොටසක් ග්‍රාම සංවර්ධන සමිති බලමණ්ඩලයේ හෝ ග්‍රාම සංවර්ධන අරමුදලේ ගිණුමට මාරු කිරීම ව්‍යවස්ථාවේ 17.8.3 වගන්තියට අනුව සිදුකළ යුතු ය.
21.4.  සමිති ගිණුම්වල තැන්පත් මුදල් ග්‍රාම සංවර්ධන අමාත්‍යංශයේ අනුමැතියෙන් ගමේ අත්‍යවශ්‍ය පොදු කටයුතුවලට හා සාමාජිකයන්‍ගේ ආර්ථික සංවර්ධනයට යෙදවිය හැකි ය. සමිති ගිණුමෙන් මුදල් නිදහස් කරනුයේ දකුණු පළාත් ග්‍රාම සංවර්ධන අරමුදලේ හා ප්‍රාදේශිය ග්‍රාම සංවර්ධන බල මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ඇති සමිතිවල පමණි.
21.5.  සමිතිය ඉතිරි කිරීම් වැඩ පිළිවෙළවල් ආරම්භ කළ යුතු අතර, එම මුදල් සාමාජික පවුල්වල අභිවෘද්ධියට ණය ආධාර වැඩ සටහන්වල හා වෙනත් සුදුසු ආයෝජනවල යෙදිය හැකි ය.
22.    සමිතියේ මුදල් වර්ෂය
22.1.  සමිතියේ මුදල් වර්ෂය ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා ලිත් වර්ෂය වන්නේ ය.
22.2.  සමිතියේ මුදල් වර්ෂය ඉකුත් වී මාස 03ක් ඇතුළත සමිතියේ ගිණුම් වාර්තාව මහාසභාවට ඉදිරිපත් කර සම්මත කරගත යුතු ය.
23.    දේපළ පරිහරණය
සමිතියට ඉඩම්, ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ වෙනත් ආම්පන්න අත්කර ගැනීමට, පරිහරණය කිරීමට, මිලට ගැනීමට, වැඩිදියුණු කිරීමට බලය තිබේ. එහෙත් ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ගේ පූර්ණ අනුමැති‍යකින් තොරව සමිතියේ දේපළ විකිණීම හෝ අත්හැර දැමීම, අන්සතු කිරීම නොකළ යුතු ය.
24.     ගිවිසුම
සමිතිය වෙනුවෙන් ඇතිකර ගන්නා ගිවිසුම් සම්බන්ධ ලියකියවිලිවල අත්සන් කිරීමට සමිතියේ සභාපති, ලේකම් යොදාගත යුතු ය.
25.     උපදෙස් දීමේ හා පරීක්ෂා කිරීමේ බලය
සමිතියේ පරිපාලන සහ සංවර්ධන කටයුතුවදී උපදෙස් දීමේ හා පොත්පත්, දේපළ, වත්කම් පරීක්ෂා කිරීමේ බලය දකුණු පළාත් ග්‍රාම සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්ට, ග්‍රාම සංවර්ධන සහකාර අධ්‍යක්ෂට, අදාල කොට්ඨාසයේ ප්‍රාදේශිය ලේකම්ට, ග්‍රාම සංවර්ධන නිලධාරීට සහ සමිති බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීටද ඇත.
26.    ව්‍යවස්ථා සංශෝධනය
කලින් කළ අවශ්‍ය වන පරිදි ග්‍රාම සංවර්ධන ව්‍යවස්ථා සංශෝධනය කිරීමට, නව ව්‍යවස්ථා පැනවීමට තිබෙන ව්‍යවස්ථාවේ වගන්ති ඉවත් කිරීමට ග්‍රාම සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්ට බලය ඇත.
27.    නීති කටයුතු
නීති කටයුතුවලදී ග්‍රාම සංවර්ධන සමිතිය අවිච්ඡින්න පැවැත්මක් ඇති, පොදු මුද්‍රාවක් භාවිතා කරන, ස්වකීය නාමයෙන් නඩු පැවරීමටද, නඩු පවරනු ලැබීමටද හැකි ව්‍යවස්ථාපිත ආයතනයක් වේ.
28.     සමිති ලියාපදිංචි කිරීම
28.1.  ග්‍රාම සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අනුමත කරන ලද ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීමට සියලුම ග්‍රාම සංවර්ධන සමිතිවල නිලධාරීන් බැඳී සිටී.
28.2.  අනුමත ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියා කරන බවට චෝදනා ලැබ අමාත්‍යංශයේ ලේකම්වරයාගේ නියමයෙන් පවත්වනු ලබන පරීක්ෂණයකින් වැරදිකරුවන් වන සමිතියේ නිලධාරී මණ්ඩලය විසුරුවා හැරීමට අමාත්‍යංශයේ ලේකම්වරයාට බලය තිබේ.
28.3.  ඉහත සඳහන් ලෙස නිලධාරී මණ්ඩලය විසුරවා හරින ලද සමිතියේ ලියාපදිංචිය අවලංගු කිරීමට හෝ නැවත ප්‍රතිසංවිධානය කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට අමාත්‍යංශ ලේකම්වරයාට බලය තිබේ.
28.4.  ලියාපදිංචිය අවලංගු කරන ලද සමිතියකට අයත් බැංකු ගිණුම් ඇතුලු සියලුම දේපළ ග්‍රාම සංවර්ධන අමාත්‍යංශය වෙත පැවරේ. අමාත්‍යංශ ලේකම්වරයා විසින් නම් කරනු ලබන නිලධාරියෙකුට එම දේපළ භාරදී නිදහස් වන තුරු විසුරුවා හරින ලද නිලධාරී මණ්ඩලය වගකීමෙන් නිදහස් නොවේ.
29.    නැත
30.    සමිති කටයුතුවලදී ග්‍රාම සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්ගේ උපදෙස් පරිදි අමාත්‍යංශය වෙනුවෙන් සියලු නඩු මෙහෙයුම් නිලධාරියා ග්‍රාම සංවර්ධන නිලධාරියා වේ.
31.    සමිතියේ මහාසභාව
මෙම ව්‍යවස්ථාව ප්‍රකාර ග්‍රාම සංවර්ධන අමාත්‍යංශ ලේකම්ගේ තීරණවලට යටත්ව සමිතියේ සියලුම කටයුතු මෙහෙයවීමේ බලය මහාසභාව සතු වේ.
32.    සමිතිය හා නිලධාරී මණ්ඩලය පිළිගැනීම
මෙම ව්‍යවස්ථාව යටතේ අලුතින් පිහිටවනු ලබන හෝ නිලවරණ රැස්වීමකදී නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත්කර ගනු ලැබූ හෝ සමිතියක නව නිලධාරී මණ්ඩලය ග්‍රාම සංවර්ධන නිලධාරිගේ නිර්දේශය මත සමිතියේ නිලධාරී මණ්ඩලය ලෙස පිළිගත යුතු ය.
එසේ පිහිටවනු ලැබූ සමිතියක නිලධාරී මණ්ඩලය පිළිගැනීමට අදාල ගැටලුවකදී ග්‍රාම සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් විමසා නිලධාරී මණ්ඩලය පිළිගැනීම සම්බන්ධයෙන් තීරණයක් ලබාගත යුතු ය.
33.    අර්ථ ප්‍රකාශනය
33.1.  මෙම ව්‍යවස්ථා මාලාවේ “ග්‍රාම සංවර්ධන අමාත්‍යංශ ලේකම්” යනුවෙන් අදහස් වන්නේ දකුණු පළාත් සභාවේ ග්‍රාම සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ය.
33.2.  “සමිතිය” යන්නෙන් ග්‍රාම සංවර්ධන සමිතිය, ග්‍රාම සංවර්ධන කාන්තා සමිතිය අදහස් කෙරේ.
33.3.  “දකුණු පළාත් ග්‍රාම සංවර්ධන අරමුදල” යනුවෙන් 1996 අංක 01 දරණ දකුණු පළාත් සභා ප්‍රඥප්තියේ අංක 15.1 යටතේ වන අරමුදල් ගිණුම අදහස් ‍කෙරේ.
33.4.  “ආරම්භක සාමාජිකයින්” යනු සමිතියක් ප්‍රථමවරට ලියාපදිංචි කිරීම සඳහා කැඳවනු ලබන රැස්වීමට පැමිණෙන අයයි.
33.5.  “අක්‍රීය සමිති” යන්නෙන් අදහස් කරනු ලබන්නේ ගතවූ ආසන්න වර්ෂයක කාලය තුළ අදාල බල ප්‍රදේශයේ ග්‍රාම සංවර්ධන නිලධාරී, ප්‍රාදේශිය ලේකම්, සෑහීමට පත්වන්නාවූ කිසිදු ක්‍රියාකාරකමක් දැක්වීමට අපොහොසත්වූ සහ එවැනි ක්‍රියාකාරකම් දක්වා ඇති බව සනාථ කිරීමට අපොහොසත් වන ග්‍රාම සංවර්ධන සමිති වේ.
33.6.  “සාමාජික නාමලේඛනය” යන්නෙන් අදහස් කරන්නේ පවත්නා වර්ෂය සඳහා සාමාජික මුදල් ගෙවූ සමිතියේ සාමාජිකත්වය ලැබීමට ව්‍යවස්ථානුකූලව හිමිකම් ඇති, සමිතියේ මහාසභාවට පැමිණ සාමාජිකත්වය ලබාගෙන ඇති හා ඉන්පසු වාර්ෂිකව සාමාජිකත්වය අලුත් කරවාගෙන ඇති සාමාජිකයන්ගේ නාම ලේඛනය යි.
33.7.  මෙම ව්‍යවස්ථාවේ සඳහන් නොවන ඕනෑම කරුණක් සම්බන්ධයෙන් මතුවන ගැටලුවකදී අදාල ග්‍රාම සංවර්ධන නිලධාරී ප්‍රාදේශිය ලේකම්, දිස්ත්‍රික් භාර සහකාර අධ්‍යක්ෂ (ග්‍රා.සං) විමසා ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ලබාදීමේ අයිතිය ග්‍රාම සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා සතු වන්නේ ය.

1996 අංක 01 දරණ දකුණු පළාත් ග්‍රාම සංවර්ධන ප්‍රඥප්තියේ අංක 03 වගන්තියේ ප්‍රකාරව සහ දැනට ක්‍රියාත්මක ග්‍රාම සංවර්ධන සමිති ව්‍යවස්ථා මාලාවේ අංක 25.3 වගන්තියට අනුව ග්‍රාම සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් විසින් මෙම සංශෝධිත ව්‍යවස්ථාව හදුන්වා දෙනු ලැබේ. 2003 සැප්තැම්බර් 01 දින සිට මෙම නව ව්‍යවස්ථාව ක්‍රියාත්මක වන අතර, එදින සිට බලපැවැත්වෙන පරිදි පැරණි ව්‍යවස්ථාව අහෝසි වන අතර, ඒ යටතේ පිහිටවනු ලැබ ඇති සියලුම ග්‍රාම සංවර්ධන සමිති මෙම ව්‍යවස්ථාව යටතේ බලාත්මක සමිතිබවට පත්ව ඉදිරියටත් ක්‍රියාත්මක වේ.
මෙම ව්‍යවස්ථාව ................................. දින පැවැත්වූ මහාසභා රැස්වීමේදී පිළිගත්බවට සහතික කරමු.
නම                                           තනතුර                                          අත්සන
1.       ...........................................................                   ............................................                .........................
2.       ...........................................................                   ............................................                .........................
3.       ...........................................................                   ............................................                .........................
4.       ...........................................................                   ............................................                .........................
5.       ...........................................................                   ............................................                .........................
6.       ...........................................................                   ............................................                .........................
7.       ...........................................................                   ............................................                .........................
8.       ...........................................................                   ............................................                .........................
9.       ...........................................................                   ............................................                .........................
10.   ...........................................................                   ............................................                .........................
11.   ...........................................................                   ............................................                .........................

ග්‍රාම සංවර්ධන සමිතියක සාමාජිකත්වය ලබා ගැනීමේ ආදර්ශ අයදුම්පත්‍රය
1.      සම්පූර්ණ නම:- .............................. ......................................................................................................................................................
2.      ලිපිනය:- .............................. ......................................................................................................................................................
3.      පදිංචි ග්‍රාම නිලධාරී වසම:- .............................. ..............................................................................................................................
4.      උපන් දිනය:- .............................. ........................
5.      රැකියාව හෝ ජීවන මාර්ගය:- .............................. ...............................................................................
6.      ඔබ පවුලේ ගෘහමූලිකයා ද:- ..............................
සමිතියට බැදී සිටින පවුලේ සාමාජිකයන් සංඛ්‍යාව:- ..............................
7.      ගෘහමූලික අංකය:- ..............................
8.      ගෙවූ සාමාජික මුදල:- ..............................
9.      සාමාජික මුදල ගෙවූ දිනය:- ..............................

ඉහත සඳහන් තොරතුරු සත්‍යබවත්, නිවැරදිබවත් සහතික කරන අතර, යම් නුසුදුසුකමක් අනාවරණය වුවහොත් සාමාජිකත්වය සහ සියලු හිමිකම් අවලංගු කරන බවත් දනිමි.

     ..................
අයදුම්කරුගේ අත්සන
අයදුම්කරුට ප්‍රධානය කළ සාමාජික අංකය:- .....................

........................
සමිති ලේකම්ගේ අත්සන
දිනය:- ........................



ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස - ග්‍රාම සංවර්ධන සමිති බල මණ්ඩලයක් ලියාපදිංචි කිරීම පිණිස ඉදිරිපත් කෙරෙන ඉල්ලුම් පත්‍ර ආකෘතිය.
1.      දිස්ත්‍රික්කය:- ..............................
2.      ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය:- .............................. ..............................
3.      ග්‍රාම සංවර්ධන ප්‍රාදේශීය බල මණ්ඩලයේ නම:- .............................. .............................. ..............................
II. .............................. .............................. ..............................
4.      ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස‍යේ ලියාපදිංචි සමිති සංඛ්‍යාව:- ..............................
II. ප්‍රාදේශීය බල මණ්ඩලයේ සාමාජිකත්වය ලබා ඇති ග්‍රා.සං. සමිති සංඛ්‍යාව:- ..............................
5.      ප්‍රාදේශීය බල මණ්ඩලය ආරම්භ කිරීම සඳහා රුස්වීම පැවැත්වූ දිනය:- ..............................
II. සහභාගි වූ සමිති සභාපතිවරුන්ගේ සංඛ්‍යාව:- ..............................
6.      සභාපතිගේ නම හා ලිපිනය:- .............................. .............................. .............................. .............................. .............................. ..............................
II.   ලේකම්ගේ නම හා ලිපිනය:- .............................. .............................. .............................. .............................. .............................. ........................
III. භාණ්ඩාගාරිකගේ නම හා ලිපිනය:- .............................. .............................. .............................. .............................. .............................. .........
7.      බලමණ්ඩලයේ ගිණුමක් තිබේ ද? තිබේනම් ගිණුම් අංකය:- ..............................
II.      අත ඉතිරි මුදල:- ..............................                                    බැංකු ශේෂය:- ..............................
II.      වෙනත් වත්කම්:- .....................................................     බැංකුවේ නම:- ...................................................................
8.      මෙම අයදුම්පත්‍රය සමග පහත සඳහන් වාර්තා ඉදිරිපත් කරමු.
I.        මහාසභා වාර්තාවේ පිටපතක්
II.      අනුමත බල මණ්ඩල ව්‍යවස්ථාවේ පිටපතක්
III.    සමාජික සමිති නාම ලේඛනයේ පිටපතක්
IV.    කාරක සභාවේ නාම ලේඛනය

....................                                                                                                                            .................
සභාපතිගේ අත්සන                                                                                         ලේකම්ගේ අත්සන
දිනය:- ..............................                                                                                      දිනය:- ..............................
9.      ග්‍රා.සං. නිලධාරිගේ නිර්දේශය:-
I.        ග්‍රා.සං. නිලධාරිගේ අත්සන:- ..............................
II.      ප්‍රාදේශිය ලේකම්ගේ නිරීක්ෂණ හා නිර්දේශය:- ..............................
III.    ප්‍රාදේශිය ලේකම්ගේ අත්සන:- ..............................
IV.    සහකාර අධ්‍යක්ෂ (ග්‍රාම සංවර්ධන/මූලස්ථාන) නිර්දේශය:-
V.      සහකාර අධ්‍යක්ෂගේ අත්සන:- ..............................
සැ.යු. මෙම අයදුම්පත්‍රයේ පිටපත් තුනක් එවිය යුතු ය.
-----------------------------------------------------------------------------------------------------------------------------------
කාර්යාල සටහන්:- ..............................
ලියාපදිංචි අංකය:- ..............................
දිනය:- ..............................
ලියාපදිංචි කිරීම අනුමත කරමි/නොකරම්

...............
ලේකම්,
ක්‍රීඩා ග්‍රාම සංවර්ධන අමාත්‍යංශය                                  දිනය

reeipt book


මුදල් පොත
කොන්දේසි
*         මෙම මුදල් කුවිතාන්සි පොත වැලිපිටිය ග්‍රාම සංවර්ධන සමිති බල මණ්ඩලය සතු ය.
*         අන්සතු කිරීම, අස්ථාන ගත කිරීම, අයථා භාවිතය සිදු නොකළ යුතු ය.
*         භාර ගැනීමට ප්‍රථම, ලේඛනයේ අදාල පිටු ප්‍රමාණය නිවරදිව ඇතිදැයි පරීක්ෂා කර භාරගත යුතු ය.
*         යම් හේතුවක් නිසා පොතක් අස්ථානගත වූයේ නම් වහාම ඒ පිළිබඳව අදාල ග්‍රාම සංවර්ධන නිලධාරීට ඒ බැව් ලිඛිතව දැන්විය යුතු ය. එම අවස්ථාවේ එම ලේඛනය භාරව කටයුතු කළ නිලධාරියා ඒ වනවිට සිදු කර ඇති ගනුදෙනු වෙනුවෙන් හා සම්පූර්ණ මුදල් පොත වෙනුවෙන්ම වගකීමට බැඳී සිටී. ඊට අමතරව ඔහු විසින් ඔහුගේ පෞද්ගලික වියදමින් රු. ......... . 00ක මුදලක් ඔහුගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් අධිභාර ලෙස ගෙවිය යුතු ය.
*         සමිතිය සඳහා වන සියලුම මුදල් ආදායම් මෙහි සඳහන් කළ යුතු අතර, ඒ සියලුම මුදල් ගනුදෙනු සඳහා මුදල් කුවිතාන්සියක් නිකුත් කළ යුතු ය. පොතක් අවසන්වීමට මත්තෙන් නව කුවිතාන්සි පොතක් ලබාගත හැකි අතර, අවසන් වූ කුවිතාන්සි පොත  නැවත නිකුත් කළ නිලධාරියා/ අදාල ස්ථානයට භාරදිය යුතු ය.
*         විශේෂයෙන්ම මෙහි සටහන් තැබීමේ දී පැහැදිලි හා නිරවුල්ව කියවිය හැකි ආකාරයට දෙපස ලියවෙන කාබන් කොළයක් භාවිත කරමින් සටහන් තැබිය යුතු ය.
*         මුල් පිටපත සාමාජික පිටපත වන අතර, අනෙක් පිටපත අදාල ලේඛනයේ රඳවාගත යුතු පිටපත යි.
*         යම් පිටපතක වැරදීමක් සිදුවූයේ නම් එකී වැරදි සිදුවූ පිටපත මත ද්විත්ව රේඛා තුළ “අවලංගු කරන ලදි” යනුවෙන් සටහන් කර එම පිටුව භාවිතා නොකිරීම හා පිටපතක් වැරදීමකින් කුවිතාන්සි පොතෙන් ඉවත් කොට ඇත්නම් එකී පිටපත නැවත එම ලේඛනයට ඇමිණීම සිදු කිරීම හා අදාල විස්තර අවශ්‍ය ස්ථානයන්හි සඳහන් සිදු කළ යුතු ය.
*         මෙම පොතෙහි ගනුදෙනු කිරීම නිසි නිලධාරීන් විසින් සිදු කරනු ලබන ඇති අතර, නිල මාරුවක් සිදුවන අවස්ථාවන්හි දී එය නැවත ‍‍නිසි විගණනයකට ලක්කොට අදාල නිලධාරීන්ට භාරදිය යුතු ය.
*         මේ සමඟ මෙතෙක් භාවිත කළ සියලුම මුදල් අයවීම්/ ලැබීම් වෙනුවෙන් නිකුත් කළ කුවිතාන්සි පොත් භාවිතය අවසන් කළ යුතු අතර, මෙම ලේඛන ඉදිරියේදී සිදු කරන විවිධ සංශෝධන සමඟ භාවිතයට යෙදවිය යුතු ය.

*         නම-................................................................. ග්‍රාම සංවර්ධන සමිතිය
*         .....................                           .........................                       ..........................
*         ගරු ලේකම්                           ගරු සභාපති                           ගරු භාණ්ඩාගාරික
*         නිකුත් කළා-
*         පොතෙහි පිටු ගණන වෙනසක් වේ නම්- ඔවු/ නැත .....................
·         පරීක්ෂා කර භාර ගතිමි ....................

භාර දුන්නා-
*         භාවිත කළ පිටපත් සංඛ්‍යාව .................                                අවලංගු කළා ..................
*          
·         භාර ගතිමි .....................
(ග්‍රාම සංවර්ධන නිලධාරී)


(මුල් පිටපත- අදාල සාමාජිකයාගේ පිටපත)
SP/MT/WLP/RD/A000001                                      දිනය-201... ...............
වැලිපිටිය ග්‍රාම සංවර්ධන සමිති බලමණ්ඩලය
ග්‍රාම සංවර්ධන සමිති මුදල් භාර ගැනීමේ කුවිතාන්සිය
මුදල් ගෙවූ අය- .......................................................... ..........................                    සාමාජික අංකය- .........
භාරගත් මුදල- රුපියල් ................................................................................. ......... ............
01.    සාමාජික ගාස්තු -                       ......................................
02.    කොටස් මුදල්-                            ......................................
03.    ගැමිසෙත මාසික තැන්පතු-        ......................................
04.    ණය ලැබීම්
I. ගැමිසෙත කණ්ඩායම් ණය-   ......................................
එම පොලිය-                           ......................................
II. සමිති ගිණුමෙහි ණය-           ......................................
එම පොලිය-                           ......................................
III. පළාත් අරමුදලෙහි ණය-     ......................................
එම පොලිය-                           ......................................
05.    වෙනත්                                       ......................................
                                            ......................................
                                            ......................................
එකතුව                             ......................................
රු.- .....................…..   ස්තුති පූර්වකව භාර ගතිමි.                                             ...... ...... ......
අත්සන සහ තනතුර

return money via cheque


මගේ අංකය-DS/WLP/EST/6/11/
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,
වැලිපිටිය.
201    -      දින,
ලේකම්,
ග්‍රාම සංවර්ධන අමාත්‍යංශය,
හිල්ටොප් මන්දිරය,
ගාල්ල.
ගැමිසෙත ණය වාරික මුදල් පියවීම-2011
ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය- වැලිපිටිය
සමිතියේ නම
ණය වාරිකය
පොලිය
දඩ පොලිය
පළාත් අරමුදල
වෙනත්
එකතුව














එකතුව






චෙක්පතෙහි වටිනාකම- රු.
නිකුත් කළ දිනය-
චෙක්පත් අංකය-


ග්‍රාම සංවර්ධන නිලධාරී
වැලිපිටිය

Gemiseta scholorship Application


.eñfi; wOHdmk YsIH;ajh i`oyd whÿïm;
01' whÿïlref.a iïmQ¾K ku- ''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
02' ,smskh- ''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
03' .%du ks,OdÍ jiu- ''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
04' whÿïlref.a w'fmd'i ^id$fm& úNd.fha m%;sM,-
^fï iu`. úÿy,am;s iy;sl lrk ,o m%;sM, f,aLkhla o wuqKkak&
j¾Ih-
úNd. wxlh-
wxlh
úIh
m%;sM,h
wxlh
úIh
m%;sM,h
01


06


02


07


03


08


04


09


05


10



05' whÿïlref.a uj$ mshd$ Ndrlref.a ku- ''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
06' Ndrlref.a ,smskh- ''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
07' Ndrlre idudðl;ajh ,nk .%du ixj¾Ok iñ;sfha ku- ''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
08' idudðl wxlh       ''''''''''''''''''''''''''''''''''''''''''''''''''     idudðl;ajh ,nd.;a Èkh- '''''''''''''''''''''''''''''''''''''''''''''''      
09' uyck wdOdr$ iuDoaê wdOdr ,nkjd o hkj.- '''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
u úiska by; i`oyka lrk ,o f;dr;=re i;H yd ksjerÈ nj;a" hï fyhlska tu bÈßm;a lrk ,o f;dr;=re wi;H hehs ikd: jqjfyd;a tu YsIH;aj ysñlu ,eîug kqiqÿiail= jk nj;a ud oksñ'
Èkh-    '''''''''''''''''''''''''''''''''''''''''                                                                                        '''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
whÿïlre

úÿy,am;s ks¾foaYh
.eñfi; wOHdmk YsIH;ajh i`oyd whÿï lrk ,o Wla; ku i`oyka YsIHhd$YsIHhdj fuu úoHd,fha w'fmd'i' ^id$fm& yeoErE nj;a" Tyq$ weh m
Èkh- '''''''''''''''''''''''''''''''''''''''''                                                                                      '''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
úÿy,am;s
  ^ks< uqøj ;nkak&
.%du ixj¾Ok iñ;sfha ks¾foaYh
fuu whÿïm;%h bÈßm;a lrk '''''''''''''''''''''''''''' YsIHhd$ YsIHhdj f.a uj$ mshd$ Ndrlre wm .%du ixj¾Ok iñ;sfha iudðlfhla$ idudðldjla nj iy;sl lrñ'

                                '''''''''''''''''''''''''''''''''''''''                                                                                      '''''''''''''''''''''''''''''''''''''''
        .re iNdm;s                                           .re f,alï
WLP/EST/6/11/FO
 
Èkh- '''''''''''''''''''''''''''''''''''''''''
^.%du ixj¾Ok iñ;s uqøj ;nd iy;sl lrkak&

iuDoaê ixj¾Ok ks,OdÍ ks¾foaYh
fuu whÿïm; bÈßm;a lrk ''''''''''''''''''''''''''''''''''''' YsIHhd$ YsIHhdj iuDoaê iykdOdr ,nk mjq,l wfhl= nj;a" wmf.a jevigyka hgf;a ,ndfokq ,nk YsIHdOdr ysñlï ,nk$ fkd,nk wfhl= nj;a" iy;sl lrñ'
Èkh- '''''''''''''''''''''''''''''''''''''''''                                                                                           '''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
iuDoaê ixj¾Ok ks,OdÍ
   ^ks< uqøj ;nkak&

.%du ks,OdÍ ks¾foaYh
fuu whÿïm; bÈßm;a lrk ''''''''''''''''''''''''''''''''''''' YsIHhd$ YsIHhdj '''''''''''''''''''''''''''' .%du ks,OdÍ jifï mÈxÑ wfhl= nj;a" wvq wdodhï,dNshl= nj;a" fjk;a YsIHdOdr ^05 jir YsIHdOdr yer& fkd,nk nj;a iy;sl lrñ'
Èkh- '''''''''''''''''''''''''''''''''''''''''                                                                                      '''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
                                                                   .%du ks,OdÍ
^ks< uqøj ;nkak&

.%du ixj¾Ok ks,OdÍ ks¾foaYh
wjYH iqÿiqlï imqrd we;$ ke;' tneúka .%du ks,OdÍ n,m%foaYfhys bÈßm;aj we;s whÿïlrejka w;ßka l=i,;dj wkqj m%uqL;dj ,nd§ YsIHdOdrh i`oyd f;dard .kakd ,È$ fkd.kakd ,È' YsIHdOdr ,nd§ug iqÿiq njg ks¾foaY lrñ$' kqiqÿiq njg ks¾foaY lrñ'

Èkh- '''''''''''''''''''''''''''''''''''''''''                                                                                         '''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
.%du ixj¾Ok ks,OdÍ
   ^ks< uqøj ;nkak&


m%dfoaYsh f,alïf.a wkque;sh
by; i`oyka ksÍlaIKhkag wkqj YsIH;ajh i`oyd iqÿiqlï ,nd we;$ ke;' YsIHdOdr ,nd§u iqÿiq njg wkqu; lrñ$ fkdlrñ'

Èkh- '''''''''''''''''''''''''''''''''''''''''                                                                                         '''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
                                                                   m%dfoaYsh f,alï
  ^ks< uqøj ;nkak&



                                                                        WLP/EST/6/11/FO/