Monday, April 18, 2011

A example of Project Writing (How to write Project )






ගෙවතු වගා වැඩසටහන
(පළතුරු භෝග වගා කිරීම)



මාතර දිස්ත්‍රික්කය

වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

පළතුරු භෝග වගා කිරීමේ ගෙවතු වගා වැඩසටහන
මාතර දිස්ත්‍රික්කය
වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය.
01. හැදින්වීම
දකුණු ලක මාතර දිස්ත්‍රික්කයෙහි දුෂ්කර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපය අතරින් එකකි වැලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය. පවුල්13,702ක් හා ජනගහනය 51,142ක් ජීවත් වන මෙම ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශය, ග්‍රාම නිලධාරී වසම් 38කින් සමන්විත වන අතර වර්ග කිලෝමීටර 64.4ක භූමි ප්‍රදේශයක් ආවරණය කරමින් ව්‍යාප්තව ඇත.
තැනිතලා සහ මද බෑවුම් සහිත විෂම වූ භූගෝලීය ලක්ෂණ මෙම කළාපය තුළ පෙන්නුම් කරන අතරම, අරීය ජලවහන ලක්ෂණයන්ගෙන් හෙබි මෙම කළාපය, සමස්තයක් ලෙස කෙටි කාලීන මෙන්ම දිගු කාලීන භෝග වගාවන්ට උචිත පාංශූමය සහ ප්‍රමාණවත් ජලවහනයකින් යුක්ත ප්‍රදේශයකි. දියළු පස, රතු ලැටරයිට් පස හා රතු කහ පොඩ්සොලික් පස බහුලව ව්‍යාප්තව ඇති අතරම විවිධ වූ වගාවන් කිරීමේ ශක්‍යතාවය මෙකී සාධකය නිසාම ලැබී ඇත.
කෘෂිකර්මාන්තය ලෙස මූලිකවම තේ, කුරුදු, රබර් හා පොල් වගාව දිගු කාලීන ස්ථිර භෝග වගාවන් ලෙස වගා කොට ඇති අතර, දියළු පස ආශ්‍රිතව වී වගාව ඉතා සාර්ථකව සිදු කරනු ලබයි.
මීට අමතරව කෙසෙල් හා පැපොල් වැනි වගාවන් ඉතා කුඩා ඒකක ලෙස ව්‍යාප්තව ඇති අතර, විවිධ එළවළු භෝග වගාවන් හා කොරටු භෝග වගාවන් දෙනිපිටිය වැනි ප්‍රදේශ මුල් කොට ගනිමින් පාරම්පරිකව සිදු කරනු ලබයි.
කෘෂිකර්මාන්තය ප්‍රදේශයේ බහුතර ජනතාවකගේ ජීවනාලිය හා බද්ධව ඇති අතර, කුටුම්භ ආදායම සහ වියදම සැලකීමේ දී, එකී ආදායමෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් ගලා එනුයේ ද මෙකී කෘෂි භෝග වගාවන් හරහා වන අතරම, පරිභෝජන වියදම් තුළ ද ඉතා ඉහළ ප්‍රතිශතයකින් මෙකී කෘෂිකාර්මික භෝග මිලදී ගැනීම කෙරෙහි කුටුම්භ යොදවන ආකාරයක් ඔවුන්ගේ දෛනික ආදායම් වියදම් පරික්ෂා කිරීමේ දී පෙනී යයි.
‍සේවා වියුක්තිය සම්බන්ධයෙන් සලකා බැලූ කල්හි ද පෙනී යනුයේ වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙහි කාන්තා සේවා වියුක්තිය, පුරුෂ සේවා වියුක්තියට සාපේක්ෂව සැලකිය යුතු ආකාරයක ඉහළ මට්ටමකින් පවතින ආකාරයකි. ඔවුන් ද කිසියම් වු ආදායම් උත්පාදක කාර්යයක නියුක්ත වීම සදහා කැමැත්ත දැක්වුව ද ඒ සදහා පවතින මුල්‍යමය දුෂ්කරතා, ඔවුන්ගේ සමාජ-ආර්ථික, පාරිසරික ගැටලු හා ප්‍රමාණවත් නොවන පුහුණුව සහ දැනුම මෙන්ම ආකල්පමය වශයෙන් ඍණාත්මක වීම ආදිය නිසා ද ඔවුන්ගේ කායික හා මානසික ශ්‍රම ශක්තිය ප්‍රශස්ථ ලෙස උපයෝජනය කිරීමට නොහැකි වී ඇත.


02. ව්‍යාපෘති අවශ්‍යතාවය
උදාවූ නව සහශ්‍රය වූ කලි මෙතෙක් ලොව ඇති නොවූ දුර්භාගී තත්ත්වයන්ට සමස්ථ ලෝකවාසීන්ටම මුහුණ දීමට වූ අති භයංකර අවස්ථාවකි. පාරිසරික සහ ස්වභාවික අතින් ලොව එක් අංශයක් අධිකතර වර්ෂාවෙන් පීඩා විදි අතර, තවත් පාර්ශවයක් අධිකතර නියඟයට හසුව පීඩා විදීමත්, සමස්ථයක් ලෙස ලෝක ආහාර පරිභෝජන රටාව කෙරෙහි දැඩි සහ සෘජු ප්‍රතිවිපාකයන් මේ හේතුකොට ගෙන ඇති වීමත් දැක්විය හැකි ය.
ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ගෙන බලන කල්හි සමස්ථ ශ්‍රී ලාංකිකයන්ම මෙම ප්‍රතිවිපාකයන්ට යම්තාක් දුරකට නිරාවරණය වුවද, ජාතියේ වාසනාවට මෙන් මෙම පැමිණි උවදුරු කෙටි කාලයක් තුළ, බහුවිධ උපාය මාර්ග හරහා තුළිත කර ගැනීමට හැකි විය. මෙහිදී පළාත් මට්ටමෙන් මෙන්ම ජාතික මට්ටමෙන් දේශපාලන අධිකාරිය හා රාජ්‍ය නිලධාරීන් එකමුතුවී කටයුතු කිරීම දක්වාලිය හැකි ය.
සාපේක්සක වශයෙන් ඉහළ දරිද්‍රතා මට්ටමක්  හා ඉහළ මන්ද පෝෂණ තත්ත්වයක් සමාජය තුළ ව්‍යාප්තවී ඇති අතර, මේ කෙරෙහි සාම්ප්‍රධායික ආහාර පුරුදුවල පවත්නා අඩුපාඩු මෙන්ම ඒක පුද්ගල එළවළු, පළතුරු, පරිභෝජන ගැටලු, පෝෂණීය තුළිත ආහාර දෛනික ආහාර වේලට එක් නොවීම දැඩි ලෙස බලපා ඇත.
එනයින්, වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුළ ග්‍රාම නිලධාරී වසම් 38ම නියෝජනය වන ආකාරයට ග්‍රාම නිලධාරී වසමකින් අවම වශයෙන් පවුල් 10ක් වත් තෝරා ගනිමින් මෙම ගෙවතු වගා පළතුරු භෝග වැඩසටහන ක්‍රියාවට නැගීමට අපේක්ෂා කරයි.
මෙහිදී මධ්‍යම රජය යටතේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය ‘දිවි නැඟුම’ වැඩසටහන මඟින් දීප ව්‍යාප්තව ගෘහ ඒකක දශ ලක්ෂයක් නිර්මාණය කරන අවස්ථාවේදී, පළාත් මට්ටමෙන් සමාජයට නොදැනෙන, නොපෙනෙන, අතිමහත් කාර්යයක් සමාජය ‍උදෙසා සිදු කරන දකුණු පළාත් සභාවේ කෘෂි කර්ම අමාත්‍යංශය හරහා දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයම ආවරණය කරමින් මෙවැන්නක් සිදු කිරීම තුළින්, ගෘහ පරිභෝජනයට අවශ්‍ය පළතුරු නොමිලයේ ලබා ගත හැකිවීම හා අතිරික්තය සමාජයට දායාද කිරීමට හැකිවීමත්, දීර්ඝ කාලීනව අඛණ්ඩ ඵලදාවක් එමඟින් හිමිවීමත්, පරිසර හිතකාමී හා අනාගත සමාජ අවශ්‍යතාවයට අවශ්‍ය පාදක ව්‍යූහය සකස් කිරීමට හැකිවීමත්, පළතුරු භෝග වගාව හරහා පුද්ගලයකුට ලබා දිය යුතු/ ලබාදිය හැකි පෝෂණය උපරිම වශයෙන ලබාදීමට හැකි වීමත් මෙහිදී වැදගත් කොට සැලකිය හැකිය (නිදර්ශනයක් ලෙස කෙසෙල්, අඹ, අලි පේර, දෙළුම් රඹුටන් වැනි දීර්ඝ කාලීන භෝග වගා කිරීම හරහා කුටුම්භයක් සංවර්ධනය කිරීමේ දී වර්ෂය පුරා මෙම භෝග හරහා ආදායම් ලැබීමට හැකිවීම මෙහිදී දැක්විය හැක).
ඒ අනුව මෙකී අරමුණු හා ව්‍යාපෘතිය මඟින් ඉටු කරගැනීමට  අපේක්ෂිත පහත සඳහන් අරමුණු ඉටුකර ගැනීමේ අරමුණ පෙර දැරි කර ගනිමින් ජාතික අවශ්‍යතාවයක් ප්‍රාදේශිය පරිපාලන ඒකකයක් මඟින් සන්තෘප්ත කිරීමේ ශක්‍යතාවය ලබා ගැනීම මෙම ව්‍යාපෘතිය මඟින් අපේක්ෂා කරයි.





3. වැඩසටහනෙහි අරමුණු හා ප්‍රතිලාභ
1.     ග්‍රාමීයව ගෙවතු වගාව ව්‍යාප්ත කරලීම.
2.     නැවුම් පළතුරු ඔවුන්ගේ ගෙවත්ත තුළින් ලබා ගැනීමට ඇති හැකියාව ඉහළ නැංවීම.
3.     අතිරික්ත නිෂ්පාදිතය වෙළද පොළට සැපයීම තුළින් අතිරේඛ ආදායමක් ඉපැයීම.
4.     කාබනික පොහොර භාවිතය දිරි ගැන්වීම හා තම ගෙවත්තෙහි ඇති ශාක හා ඉවතලන ද්‍රව්‍ය භාවිත කොට කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය දිරි ගැන්වීම.
5.     ජාතික ආහාර අර්බුදයට ග්‍රාමීය මට්ටමෙන් විසදුම් ලබාදීම.
6.     අඩු පිරිවැයකින් ගුණත්වයෙන් ඉහළ ආහාර පරිභෝජන රටාවකට ජනතාව යොමු කිරීම.
7.     දෛනික ආහාර වේළ තුළට පෝෂණිය හා සමබර ආහාර වේලක් ගෙවත්ත තුළින් ලබා ගැනීමට ඇති අවකාශය ඉහළ නැංවීම හා පළතුරුවල ඇති ඖෂධීය වැදගත්කම තුළින් සෞඛ්‍ය සම්පන්න ප්‍රජාවක් බිහි කිරීම.
8.     ගෙවත්ත ආශ්‍රිතව ඇති නමුත් පරිභෝජනයට යොමු නොවූ ආහාර භෝග පිළිබඳව දැනුවත් කිරීම.
9.     ජාතික නිෂ්පාදිතයට දායක නොවූ විවේකී ශ්‍රමය නිෂ්පාදන කාර්ය කෙරෙහි යොමු කරවා ගැනීම.
10.                        කෙටි හා දිගු කාලීන පළතුරු භෝග වගාව ව්‍යාප්ත කිරීම.
11.                        පවත්නා පාරිසරික සුන්දරත්වය ආරක්ෂා කරගනිමින් යටිභෝග, සෙවන අවශ්‍ය බෝග, උස්භෝග ආදී වශයෙන් ඇති විවිධ භෝග වර්ග පරිසරයට අවම හානියක් වන සේ ව්‍යාප්ත කරලීම.
12.                        නැවුම් පළතුරු යොදා ගනිමින් ඉදිරියේදී ග්‍රාමීයව ආරම්භ කළ හැකි කර්මාන්ත සඳහා පාදක ව්‍යූහය සකස් කිරීම (පළතුරු බීම, ජෑම්, චට්නි ආදිය)  හා එමඟින් ස්වයං රැකියා දෙසට ප්‍රජාව යොමු කිරීම (සේවා වියුක්තිය අඩු කිරීම).
13.                        කුටුම්භය තුළ මානසික තෘප්තිය ඉහළ නැංවීම හා කුටුම්භ සහජීවනය ඉහළ නැංවීම.

04. ව්‍යාපෘති විස්තර-
වර්ග කිලෝමීටර 64.4ක වපසරියක් පුරා ව්‍යාප්තව ඇති වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුළ විෂම වූ භූවිෂමතා සහ විෂම වූ පාරිසරික ව්‍යාප්ති තත්ත්වයන් තේරුම් ගනිමින්, ඒ ඒ පාංශු තත්ත්වය තුළ වැවෙන ‍භෝග වර්ග හදුනා ගනිමින් විවිධ පළතුරු භෝග වගා කිරීම මෙම ව්‍යාපෘතිය තුළින් අපේක්ෂා කරනු ලබයි.
ඒ අනුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සියලුම ග්‍රාම නිලධාරී වසම් නියෝජනය වන ආකාරයට පිහිටුවා ඇති ග්‍රාම සංවර්ධන සමිති මුල් කොට ගනිමින් එකී සමිති 38 කළාප 05කට බෙදා එම එක් එක් කළාපය මුල් කොට ගනිමින් ගෙවතු වගා වැඩසටහන පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම ප්‍රථම කාර්ය ලෙස සිදු කරන අතර, එතුළින් ආකල්පමය වශයෙන් වෙනසක් ජනතාව තුළ ඇති කිරීම සහ ගෙවතු වගා කිරීමෙහි ඇති වාසි සහගත තත්ත්වයන් අවබෝධ කරලීම තුළින් ගෙවතු වගාව කෙරෙහි ජනතාව ආකර්ශනය කර ගැනීමට සිදු කරනු ලබයි.
මෙම ආකර්ශනීය බව ඇති කිරීමත් සමඟම ඔවුන් යැපුම් මානසික මට්ටමෙන් මුදවා ගැනීම සහ මෙම කාර්යයෙහිලා ඔවුන්ගේ දායකත්වය, සහභාගීත්වය සහ අඛණ්ඩව පවත්වා ගෙනයාමේ වැදගත්කම අවබෝධ ‍ෙකාට කැපවීම සහිත ප්‍රතිලාභ ලබාදිය යුතු පුද්ගලයින් තෝරා ගැනීම සිදු කරනු ලබයි. මෙහිදී පුද්ගලයින් හදුනා ගැනීමේ එක් නිර්ණායකයක් ලෙස ඔවුන්ට කොම්පොස්ට් නිපදවීමට දැනුවත් කොට පළමුව මෙම නිර්නායකය ඉටු කරන පුද්ගලයන් පළමු වටය සඳහා තෝරා ගැනීමට අ‍ෙප්ක්ෂා කරයි.
දෙවනුව, එකී කාර්යයෙහි වටිනාකම අවබෝධ කර ගත් හා එකී කාර්යයෙහි ඇති උවමනාව මත අදාල සාමාජිකයන් විසින් පළමුව සම්පූර්ණ කළ යුතු ක්‍රියාකාරකම් ක්‍රියාවට නැගීම සිදු කිරීමෙන් අනතුරුව (උදාහරණයක් ලෙස ගෙවත්තෙහි කොම්පොස්ට් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම), ඔවුන් අතරින් සුදුසු පුද්ගලයින් දසදෙනෙක් බැගින් ග්‍රාම නිලධාරී වසම් 38න් 380 දෙනෙක් මෙම පළතුරු භෝග වගාව සඳහා තෝරා ගනු ලැබේ.
තෙවනුව, මෙලෙස තෝරා ගත් සාමාජිකයන් සියලු දෙනා කළාප මට්ටමින් සම්බන්ධ කර ගනිමින් එම එක් එක් භෝග වගා කිරීම පිළිබඳව අවශ්‍ය තාක්ෂණික දැනුම ලබාදෙනු ලබන අතර, මෙය ග්‍රාම නිලධාරී කොට්ඨාස මට්ටමෙන් ප්‍රායෝගික පුහුණුවීම් ද සහිතව පවත්වනු ලැබේ. එලෙස එක් එක් වගාවන් පිළිබඳව දැනුම සහ පුහුණුව ලබාගත් සාමාජිකයින්ට පැළ ලබාදීමට මත්තෙන් තම අදාල කාර්යයට අවශ්‍ය පූර්ව සකස් කිරීම් විධිමත් කාලරාමුවක් තුළ පළමුව සිදු කළ යුතු අතරම, මෙම පියවරෙහිදී පැළ සිටුවීමට අවශ්‍ය පරිසර සකස් කිරීම අපේක්ෂා කරනු ලබයි.
සිවුවනුව, එම පූර්ව අවශ්‍යතා සම්පූර්ණ කළ සාමාජිකයන් සඳහා පළතුරු පැළ  (අවම වශයෙන් වර්ග පහක) ලබා දීම සිදු කරනු ලබයි. (මෙහිදී ගෙවතු වගා හිමියන්ට වැඩිදුර දැනුම් අවශ්‍යතා ඇත්තේ යැයි හැඟී යන්නේ නම් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වීරපාන පළතුරු ගොවිපළ නැරඹීමට ක්ෂේත්‍ර චාරිකාවක් සංවිධානය කිරීම සිදු කළ හැකි ය.)
පස්වනුව, එකී පැළ ලබා ගත් සාමාජියන් නිසි ලෙස වගා කටයුතු සිදු කළ යුතු අතර, පැළ රෝපණයෙන් අනතුරුව දෛනික නිරීක්ෂණ සටහන් තැබීම කළ යුතු ය. ග්‍රාම සංවර්ධන සමිති නිලධාරීන් අවම වශයෙන් සතියකට වරක්වත් කණ්ඩායම් වශයෙන් බෙදී පළමු මාස තුන තුළ මෙම කටයුතු දැඩි අධීක්ෂණයට ලක් කරනු ලබන අතර, පසුව මසකට වරක් මෙම අධීක්ෂණ කටයුතු ඔවුන් විසින් සිදු කරනු ලැබේ. මීට අමතරව මසකට වරක් ප්‍රාදේශීය ලේකම්තුමියගේ අධික්ෂණය යටතේ මෙකී ක්ෂේත්‍ර අහඹු පරීක්ෂාවන්ට ලක් කිරීම අදාල නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.
සයවනුව, ඉතා සාර්ථකව වගා කටයුතු සිදු කරන සාමාජිකයන් ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් පළමු, දෙවන සහ තෙවන වශයෙන් ස්ථානීය ඇගයීමක් සිදු කිරීම සහ ප්‍ර‍ාදේශිය ලේකම් කොට්ඨාසය තුළ හොදම පළතුරු වගාකරු තෝරා ඔවුන් සඳහා කෘෂි උපකරණ කට්ටලයක් ප්‍රධානය කිරීමට අපේක්ෂා කරන අතර, වාර්ෂිකව මෙම ඇගයීම් කටයුතු සිදු කිරීමට ද අනිකුත් සාමාජිකයන් ද මෙම පළතුරු භෝග වගා කිරීමේ වැඩසටහනට වාර්ෂිකව සමබන්ධ කර ගැනීමට ද අපේක්ෂා කරයි.
මෙහිදී පැළ රෝපණ අවස්ථාවේ සිට නිසි විමර්ෂණයක් සිදු කරන අතර, අතිරේඛ ඵලදාවක් සාමාජික මට්ටමෙන් හදුනා ගැනීමට හැකි වුවහොත් පුද්ගලික මට්ටමෙන් ඒවා අලවි කර ගැනීමට හෝ සමිති විසින් එකී කාර්යය සිදු කිරීම සඳහා ඉදිරිපත් වනු ඇත.
ඒ අනුව මෙකී කාර්යය ප්‍රාදේශීය ලේකම්තුමියගේ පූර්ණ අධීක්ෂණයක් යටතේ අඛණ්ඩව පූර්ණ හා උපරිම ඵලදායිතාවයක් ඇති වන ආකාරයට පළතුරු පැළ ලබා දෙනු ලබන අතර, මෙකී කාර්ය අධීක්ෂණය හා නඩත්තුව හා පවත්වා ගෙන යාම අදාල ග්‍රාම සංවර්ධන සමිතියට පවරා දෙමින් විටින් විට අහඹු නීරීක්ෂණ ප්‍රාදේශීය ලේකම්තුමිය ‍හා අදාල අනිකුත් නිලධාරීන් වෙතින් ද සිදු කිරීමට අපේක්ෂිතයි.
ඒ අනුව ‍පළතුරු පැළ නිර්දේශිත පරතරය ඇතිව ‍ක්ෂේත්‍රයේ සිටුවීම, පැළවලට අවශ්‍ය සෙවන සැපයීම, නිර්දේශිත කාබනික හා රසායනික පොහොර භාවිතය, පළතුරු පැළ කප්පාදුව, පළතුරු වග‍ාවට උචිත ජල සම්පාදන ක්‍රම හදුන්වාදීම (බින්දු ජල තාක්ෂණ ක්‍රම), අස්වනු නෙළිම, අස්වනු ගබඩා කිරීම සහ නශ්‍ය නොවන ආකාරයට ප්‍රවාහනය කිරීම, නියමිත ප්‍රමිතියෙන් යුත් ඇසුරුම් භාවිතයට අදාල උපදේශන සේවා ලබාදීම පසු අස්වනු තාක්ෂණය, පළතුරු ආශ්‍රිත නිෂ්පාදන හා අතුරු නිෂ්පාදන කිරීම පිළිබඳ විවිධ පුහුණු වැඩසටහන් ආදිය පිළිබඳව ඒ එක් එක් කාලයන්හි දී අවශ්‍යතා අනුව උපදේශනය ලබාදීම සිදු කරනු ඇත.




05. ඉලක්ක කණ්ඩායම


·        වැලිපිටිය ප්‍රදේශිය ලේකම් කොට්ඨාසය තුළ ග්‍රාම නිලධාරී වසමකින් අවම වශයෙන් දසදෙනෙකුවත් තෝරා ගනිමින් අවම වශයෙන් පැළ වර්ග 05ක්වත් එක් පවුලකට ලබා දෙමින් වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුළ අවම වශයෙන් ගෘහ ඒකක 380 (38x10)ක් පිහිටුවීම අපගේ ඉලක්කය වේ.

06. ක්‍රියාකාරී සැලැස්ම
ක්‍රියාකාරකම
කාලය
වගකීම

මාර්තු
අප්‍රේල්
මැයි
ජුනි
ජූලි
අගෝස්තු
සැප්තැම්බර්
ඔක්තෝබර්
නොවැම්බර්
දෙසැම්බර්

ග්‍රාම සංවර්ධන සමිති සාමාජිකයන්ට ගෙවතු වගා වැඩසටහනෙහි වැදගත්කම, වටිනාකම, ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීම
හා ආකල්පමය වෙනසක් ඇති කිරීම හා වගා කිරීමට අපේක්ෂා කරන්නන් පළමුව කළ යුතු කාර්ය පිළිබඳව දැනුවත් කිරීම

ü








ü







ප්‍රාදේශීය  ලේකම්තුමිය,
සහකාර ප්‍රාදේශිය ලේකම්තුමා
සහකාර අධ්‍යක්ෂ සැලසුම් මහතා
ග්‍රාම සංවර්ධන නිලධාරී,
කෘෂි උපදේශක මහත්මීන්,
කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර මහත්ම මහත්මීන්
අදාල බල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මහත්ම/මහත්මීන්
සාමාජිකයන්ගේ රුචිකත්වය මත පළතුරු වගාවට අදාල භෝග බෙදා දීමට මත්තෙන් ඒ ඒ වගාවන්ට අදාල සුදුසුකම් සපුරා ඇත්දැයි පරීක්ෂාව හා කොම්පොස්ට් පොහොර  ව්‍යාපෘතිය පටන් ගැනීම පරීක්ෂා කිරීම

ü








ග්‍රාම සංවර්ධන නිලධාරී,
කෘෂිකර්ම උපදේශක මහත්මීන්,
කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර මහත්ම මහත්මීන්
අදාල බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක ග්‍රාම සංවර්ධන සමිති නිලධාරීන්
සුදුසුකම් සපුරා ඇති සාමාජිකයන් අතුරින් පළතුරු වග කිරීමට දස දෙනෙකු තෝරා ගැනීම

ü








ප්‍රාදේශීය  ලේකම්තුමිය,
සහකාර ප්‍රාදේශිය ලේකම්තුමා
ග්‍රාම සංවර්ධන නිලධාරී,
අදාල බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක ග්‍රාම සංවර්ධන සමිති නිලධාරීන්
කළාප මට්ටමෙන් ඒ ඒ භෝග වර්ග වගාව පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම් කිරීම

ü
ü
ü






ප්‍රාදේශීය  ලේකම්තුමිය,
සහකාර ප්‍රාදේශිය ලේකම්තුමා
කෘෂිකර්ම උපදේශක මහත්මීන්,
කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර මහත්ම මහත්මීන්
ක්ෂේත්‍ර අධික්ෂණය හා පසුවිපරම


ü
ü
ü
ü
ü
ü
ü
ü
ග්‍රාම සංවර්ධන නිලධාරී,
අදාල බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක ග්‍රාම සංවර්ධන සමිති නිලධාරීන්
පළතුරු බීජ/ පැළ ලබා දීම

ü
ü







ප්‍රාදේශීය  ලේකම්තුමිය,
සහකාර ප්‍රාදේශිය ලේකම්තුමා
ග්‍රාම සංවර්ධන නිලධාරී,
කෘෂි උපදේශක මහත්මීන්,
කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර මහත්ම මහත්මීන්
ඒවා වගා කොට ඇත් දැයි ‍ක්ෂේත්‍ර අධික්ෂණය

ü
ü
ü






ග්‍රාම සංවර්ධන නිලධාරී,
අදාල වසමෙහි ග්‍රාම නිලධාරී මහත්ම/මහත්මීන්
අදාල බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක ග්‍රාම සංවර්ධන සමිති නිලධාරීන්
අදාල‍ ලේඛන නඩත්තු කිරීම හා පසුවිපරම

ü
ü
ü
ü
ü
ü
ü
ü
ü
අදාල බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක ග්‍රාම සංවර්ධන සමිති නිලධාරීන් හා භෝග වැවිලිකරුවන්
සමිති මට්ටමෙන් නිරන්තර අධික්ෂණ කාර්ය කිරීම හා
පසුවිපරම

ü
ü
ü
ü
ü
ü
ü
ü
ü
ග්‍රාම සංවර්ධන නිලධාරී,
අදාල බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක ග්‍රාම සංවර්ධන සමිති නිලධාරීන්
ප්‍රාදේශිය ලේකම්තුමිය ‍හා අදාල නිලධාරීන් අධික්ෂණ කාර්ය කිරීම හා පසුවිපරම

ü

ü

ü

ü

ü
ප්‍රාදේශීය  ලේකම්තුමිය,
සහකාර ප්‍රාදේශිය ලේකම්තුමා
සහකාර සැලසුම් අධ්‍යක්ෂ
ග්‍රාම සංවර්ධන නිලධාරී,
කෘෂි උපදේශක මහත්මීන්,
කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර මහත්ම මහත්මීන්
හොදම ගෙවතු ග්‍රාම නිලධාරී වසම් මට්ටමෙන් හා ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමෙන් තේරීම









ü
ප්‍රාදේශීය  ලේකම්තුමිය,
සහකාර ප්‍රාදේශිය ලේකම්තුමා
ග්‍රාම සංවර්ධන නිලධාරී,
අදාල වසමෙහි ග්‍රාම නිලධාරී මහත්ම/මහත්මීන්
සමිති විසින් මෙම කාර්ය අඛණ්ඩව පවත්වා ගෙන යාම පසුවිපරම හා පසුපෝෂණය

ü
ü
ü
ü
ü
ü
ü
ü
ü
ප්‍රාදේශීය  ලේකම්තුමිය,
සහකාර ප්‍රාදේශිය ලේකම්තුමා
සහකාර අධ්‍යක්ෂ සැලසුම්,
ග්‍රාම සංවර්ධන නිලධාරී,
කෘෂි උපදේශක මහත්මීන්,
කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර මහත්ම මහත්මීන් සහ අදාල බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක ග්‍රාම සංවර්ධන සමිති නිලධාරීන්


07. පිරිවැය ඇස්තමේන්තුව
පිරිවැය ඇස්තමේන්තුව

කාරණය
ඒකක ප්‍රම‍ාණය
ඒකක පිරිවැය
මුළු පිරිවැය
1
කළාප මට්ටමෙන් මෙම වැඩසටහන පිළිබඳව ග්‍රාම සංවර්ධන සමිති දැනුවත් කිරීම සඳහා උපදේශක දීමනා ගෙවීම (ගෙවතු වගාවෙහි ඇති වැදගත්කම හා එහි ඇති ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීම හා ආකල්පමය වෙනසක් ඇති කිරීම
5
රු. 3,000.00
රු. 15,000.00
2
සංග්‍රහ වියදම් තේ ලබාදීම- එක් සමිතියකින් සාමාජිකයන් 30ක් බැගින් සමිති 38
1140
රු. 15.00
රු. 17,100.00
3
කළාප අනුව තෝරා ගත් සාමාජිකයන් සඳහා එම එක් එක් වගාවන් පිළිබඳව දැනුවත් කිරීම හා ප්‍රායෝගික පුහුණු වැඩමුළු පැවැත්වීම
5
රු. 4,000.00
රු. 20,000.00
4
සංග්‍රහ වියදම් තේ ලබා දීම- එක් සමිතියකින් සාමාජිකයන් 10ක් බැගින් සමිති 38 + නිලධාරීන් 5 බැගින් කළාප 5
405
රු. 20.00
රු. 8,100.00
5
ශාක වර්ධන සටහන් වාර්තා
380
රු. 20.00
රු. 7,600.00
6
පළතුරු පැළ සඳහා


රු. 0.00
I
අඹ (වෙල්ලෙයි කොළොම්බන්, දම්පර්, පීටර් පසන්ඩ් හෝ විලාඩ්)
380
රු. 200.00
රු. 76,000.00
II
දූරියන්
38
රු. 225.00
රු. 8,550.00
III
කෙසෙල් (පුවාළු, සීනි කෙසෙල්, ඇම්බන්, රතඹලා, ඇඹුල්, බි කෙහෙල්)
380
රු. 40.00
රු. 15,200.00
IV
මැංගුස්
38
රු. 200.00
රු. 7,600.00
V
රඹුටන් (මල්වාන ස්පෙෂල්, මැලයන් රතු, මැලයන් කහ)
380
රු. 200.00
රු. 76,000.00
VI
අලි පේර
380
රු. 175.00
රු. 66,500.00
VII
නෙල්ලි
38
රු. 125.00
රු. 4,750.00
VIII
පැපොල් (රෙඩ්ලේඩ්, රත්න)
76
රු. 45.00
රු. 3,420.00
IX
පැණි දොඩම් (බිබිලේ පැණි දොඩම්, බිබිලේ බීජ රහිත පැණි දොඩම්, ආරෝග්‍යා)
76
රු. 200.00
රු. 15,200.00
X
කජු
38
රු. 200.00
රු. 7,600.00
XI
දෙළුම්
380
රු. 125.00
රු. 47,500.00
7
ප්‍රවාහන වියදම්


රු. 3,000.00




රු. 399,120.00
8
අවිනිශ්චිත වියදම් 8%


රු. 31,929.60

මුළු පිරිවැය
2204

රු. 431,049.60




08. වැඩසටහන් අධීක්ෂණය                         ප්‍රාදේශීය ලේකම්
                                                              සහකාර ප්‍රාදේශිය ලේකම්
                                                              සහකාර අධ්‍යක්ෂ සැලසුම්

සම්බන්ධීකරණය                                   ග්‍රාම සංවර්ධන නිලධාරී

ක්‍රියාත්මක කිරීම                                    ග්‍රාම සංවර්ධන නිලධාරී
                                                                   ග්‍රාම නිලධාරී
ප්‍රදේශයේ අදාල ග්‍රාම සංවර්ධන සමිති නිලධාරීන්

පසු විපරම                                             ප්‍රාදේශීය ලේකම්
සහකාර ප්‍රාදේශීය ලේකම්
සහකාර අධ්‍යක්ෂ සැලසුම්
ග්‍රාම සංවර්ධන  නිලධාරී
ග්‍රාම නිලධාරී


සමාප්තයි.


....................
දිනය-                                                                    අනුමත කරමි

Tuesday, April 12, 2011

Wish You a Happy NEW YEAR for the WORLD


Wish You a Happy prosperous New Year

Wishes You a Happy Prosperous New Year............


The sun moving from the House of Pisces to the Aries signals the dawning of the Sinhala and Tamil New Year. The New Year begins at the time determined by the astrologers. Not only the beginning of the new year but the conclusion of the old year is also specified by the astrologers. And unlike the customary ending and beginning of new year, there is a period of a few hours in between the conclusion of the Old Year and the commencement of the New Year , which is called the nonagathe (neutral period). During this time one is expected to keep off from all types of work and engage solely in religious activities.
Sri Lankans celebrate their National New Year Aluth Avurudu in mid april after the Harvest is done. It is the month of reveal and revelry, the most intoxicating of the 12 months of the year, when Lanka and her people of the prepare to celebrate new beginning in harmony with mother nature. It is the season of the Avuruddha, the annual new year celebration by the Sinhala and Tamil people of the island, a great national festival which has persisted in all its traditional glory for no less than 2,000 years. Recognized officially and observed countrywide as the National New Year, the celebrations take seven days, varying only slightly from the age old venerable traditions which are still observed to the letter by Sri Lankan's of all ages and social background.
Perhaps one of the remaining authentic folk celebrations in the world, the avuruddha stands as a monument to a people whose lives, to a large extent, still revolve around the grace of mother nature and her most domineering subject, the sun. The traditions new year celebrations in mid-April originated as a harvest thanks giving, the high-point of the annual production cycle. Interwoven closely with the first astrological phase of the sun, it is timed to coincide with the first partakings of the season's blessings, namely rice.Astronomically, it is celebrated on the day on which the sun passes from Meena Rashiya (Pisces) to Mesha Rashiya (Aries), when Sihalese and Tamils bid farewell to the year passed an usher in a brand new one with prayers, meritorious deeds, traditional observations and seemingly unending celebrations.
The new year falls on the 13th or 14th day of April, preceded by at least two weeks of preparations, devoted largely to shopping and the making of a hundred-and-one varieties of sweetmeats. Schools have their holidays during the month of April, so children are often the willing helpers in and around home, getting the household ready for the eventful day.
Over the years, Sri Lanka too has become commercial minded, this factor being symbolized each year around this time with shops and sidewalks densely packed with every imaginable item deemed necessary for having a jolly good time. Cloths play an important part in the holiday buying-spree, tradition carried through once again, for in the past, it was after the harvest that a family received new clothes. It is still customary for each member of the family to receive at least one suit of clothes to mark the occasion.
The Avuruddha is heralded by the constant lighting of fire crackers and the unmistakable call of the koel bird, populary known as the koha which coos only once a year-at this time. Pay some attention to the multitude of sweet aromas flowing from country kitchens, which get crowded with clattering damsels preparing an assortment of coconut oil-based sweetmeats, which are high on the traditional holiday menu.
The day prior to the Sinhala and Tamil New year is one of anticipation. City bus and train stations are crowded with people in a hurry to get to their homes. Most people return to their ancestral homes, obviously with a longing to celebrate the holidays in much the same way they did as children. Cooking is completed, the hearth cleaned, fires extinguished, with fresh pots and pans now awaiting the preparation of the first meal of the new year. The ensuing period, astrologically prescribed is a time for complete relaxation. All activities are suspended and a lull ensues, as a nation waits for the dawning of the new year.
The new year approaches with a pre-determined time for pre -paring the ceremonial first meal. Dressed in the year's lucky colour, facing the auspicious, as the thunder of fire crackers, as housewives prepare a dish of Kiribath made from the first batch of the year's harvest of rice. Kiribath or milk rice , is Sri Lanka's quintessential festive food; an unsweetened rice pudding cooked in cream of coconut and placed reverently at the head of the table, right benith an equally revered coconut oil lamp.
The whole family will sit for the first meel, soon after transacting some business, referred to traditionally as ganudenu, or the act of receiving and giving. The time now is at its most auspicious, so it is believed that whatever is initiated at this time will undoubtedly yield fruits. Frames will plant a tree, students will read a book, etc.The clock-watching is now over. The next day or two will mark the most joyous period of the year; playing, eating, drinking, merry making and visiting relatives and loved ones.  There will be very few shops and restaurants open during this time, with the whole country seeped in celebration. The fun and frolic will continue till it is time for anointing with herbal oil, the auspicious time which falls roughly about three days after the Avuruddha. Hear, an adult member of the family will prepare a very special herbal oil and anoint family members, with blessings for a wonderful year to come. with it, Avurudhu comes to an end and Sri Lanka gets back to its normal pace of life.

Tuesday, April 5, 2011

How to write a Project Report

1
Guide to Writing a Project Report
The following notes provide a guideline to report writing, and more generally
to writing a scientific article. Please take the time to read them carefully.
Even if your project did not go as well as you had hoped, there is no reason
why you should not score a high mark for you report if you are prepared to
work at it.
1. Why a report?
The production of a good piece of technical writing for a project report is as
much a part of the project as doing the experimental work. However excellent
and original a piece of work the project may be, unless the results can be
communicated to other people it may as well not have been done!
Communicating results of an investigation in a clear and useful way is a key
part of science and is the reason for devoting a lot of effort to this aspect.
2. What level?
The main part of the report should be comprehensible by other stage 3
students. If more detailed information is to be included about some aspects
(for instance, a complicated mathematical derivation, of which only the result
is essential to the main discussion) consider including this as an appendix.
3. How much detail to include?
It is not necessary, or even desirable; to describe every minute detail of what
was done. One of the most important aspects of good technical writing is to be
concise, yet remain informative. The ability to select what is essential, and to
omit what is merely incidental detail, is a skill every scientist needs to develop.
In view of this, the main part of your report must be within the word limit(s)
specified in the applicable module description. An overlong report will be
penalized and receive a lower mark than it otherwise deserves.
4. The nuts and bolts.
Two copies of the report need to be submitted. Students who have worked in
pairs must write and present independent reports, stressing those aspects of
the project for which they were individually responsible.
5. Format of reports.
Whilst not mandatory, there are good reasons for the usual format of a report.
Sections that you need to include are,
• Title
• Authors
• Abstract
• Table of contents
• Introduction
• Experimental techniques and methods
• Results and discussion
• Summary/conclusions
• References
• Appendices (if used)
In more detail,
3
5.1. First Page.
This should contain the title, the author(s) and the date.
Title.
This should convey the area and scope of the project.
For example,
“Rainbows” is poor – is this an investigation of the occurrence of rainbows in
medieval illuminated manuscripts? or their use as metaphors in popular art?
Or what?
A better choice might be “Rainbows: the deflection of light by liquid droplets
and the determination of droplet refractive index from measurements of
rainbow phenomena”
5.2. Second Page.
The Abstract.
The second page should consist only of the abstract. The idea of the abstract
is to provide a brief summary of the report. The reader should be able to pick
up from the abstract what the abstract entailed, how it was undertaken and an
indication of what was found out. An abstract should not review the report,
but should rather act as a sampler of the contents of the report. Typically the
abstract should be less than 200 words.
A poor example of title and abstract might be,
“The length of a piece of wood.”
The length of the piece of wood was found to be shorter than it should have
been. We had problems with our measuring device and could not obtain good
results. With better equipment we could have got better results.
It is poor because,
The length of the piece of wood was found (how was it measured?) to be
shorter (by how much?) than it should (should? – say’s who?) have been.
We had problems (what sort of problems?) with our measuring device and
could not obtain good (what is meant by good?) results. With better
equipment we could have got better results (a cop out!).
A better title and abstract might be,
“Interferometric measurements of the length of a piece of wood and
discrepancies with previous spectroscopic measurements”
The length of a piece of wood was measured using an interferometric
technique. Our results gave a length shorter by 1.5% than that found by
Hamel et al [1] who used a spectroscopic technique. However, our
measurements suffered from a large random error (2%), which we attribute to
4
the use of a lamp as the source of light. An alternative interferometric
measurement strategy employing a laser is suggested that should overcome
this problem.
[1] Hamel, R. et. al. Physical. Review. K, vol 34, pp 127, 2010
5.3. Third page.
This should comprise a table of contents, indicating the page numbers of the
different sections.
5.4. Fourth page and onwards.
Introduction.
This is where you need to outline the underlying concepts (and if required a
brief version of a any theory) needed to discuss the project.
Results and discussion.
Present your results in a logical sequence, highlighting what is important and
how the data you obtained have been analysed to provide the results you
discuss. You should discuss what you infer from the data. You need to adopt
a critical approach. For example, discuss the relative confidence you have in
different aspects of the measurements.. A poor example “the straight line fit
between dog type and owner size gave a slope of 0.3” Better would be ”the
data show a linear dependence between dog type and size of dog owner, with
a slope of 0.3+/- 0.03. However, there is a noticeable divergence from this
linear dependence for small dog types, as can be seen in the left hand side of
figure 8”.
Make sure that all diagrams, graphs etc. are properly labeled and have a
caption. A neat hand drawn diagram is preferable to a poorly made computer
diagram, or a poor resolution image copied from the web.
Summary and conclusion.
This is the section in which you need to put it all together. It differs from the
abstract in that,
It should be more informative, something that can easily be accomplished
because you may devote more words to it.
You should include a concise version of your discussion, highlighting what you
found out, what problems you had, and what might be done in the future to
remedy them. You should also indicate how the investigation could usefully
be continued.
5
Pages, diagrams, references and tables must all be numbered.
6. A word on references.
These are very important. Your report should be sufficient to indicate to the
reader what you have done, what you found out AND provide enough
information for them to repeat the work if they so wished. You will have made
us of information from a variety of sources, e.g. the speed of light from a book.
In these cases you must include reference to such sources. It maybe that
your project showed no evidence for cold fusion, but this might be because
the value of the specific heat of water you used was incorrect. By including a
reference to the source others can check your work and reduce the time taken
to make further advances.
There are generally three types of reference according to the source, journal
article, book, and web site.
Book – you need to cite title, authors, date published, edition (if not first), City
of publication and publisher. e.g.
“Elements of Nuclear Physics” W. E. Burcham, (London) Longman, 1979.
A journal article,
“The speed of light by interferometry” A. Dixon, Journal of Light, vol. 3, pp.
123-234, 2003.
A web page,
http://www.gobbeldygook.co.uk
A word of caution on web based information. Journal articles and most
books are peer reviewed. This means that other workers in the field have
checked them for accuracy etc.. This is not true of web sites. Be careful in
taking information from such sources and if at all possible verify the
information by checking in books etc. You should also read the web
information critically to see that it makes sense to you. You are a physicist
and should take pride in not being duped into making easy mistakes by
faulty information.
7. Assessment criteria.
6
These are used by markers to assess your report. You should look at the
these before drafting your report . The current version can be accessed from
the relevant page in the School Handbook at the bottom of the section on
formal reports at:
http://newton.ex.ac.uk/handbook/Yr3-BScProjects.html#Formal
8. Doing the report.
I suggest the following plan for writing a report.
1) Identify the story you wish to tell. Often this can be simply done by
deciding which diagrams and graphs of data you wish to include.
2) Draw up a plan of what you want to say and how this fits around the
diagrams/graphs you want to use.
3) Extend you plan to an outline that includes all the section headings you
will need.
4) Check through the outline to see that sequence is sensible and that
nothing vital has been ignored.
5) Check your outline through with someone else e.g. fellow student, tutor
or demonstrator.
6) Write a first full draft of the report.
7) Check the first draft through for consistency, obvious errors and
omissions (e.g. figure captions missing? References still to do?) If you
can get a friend to read through it critically so much the better.
8) Revise the draft and re-check until satisfied.
9) Submit report.
7
9. While writing and planning the report pay attention to the
following points:
A) Make sure you mention the background to, and aims of, the investigation
B) Include the basic concepts and theory relating to the investigation.
C) Describe the procedures used. Identify major sources of error and explain
how they were dealt with.
D) Only data directly relevant to the calculation of final results should be
presented, omit raw data. Graphs are a particularly effective way of
presenting results – only use table where it would make more sense that
providing a graph.
E) Final results should be presented clearly and concisely; include an
analysis of errors, but omit details of arithmetical manipulations.
F) If computer code was used or written, give details of the checks and
validations you performed on the code.
G) The interpretation of the results must be discussed, and improvements and
possible extensions of the work suggested.
H) Give references to any books, articles or other sources of information (e.g.
web sites) that have proved useful in preparing the report, or carrying out
the work.
© W. L. Barnes November 2000.
I have no privacy to publish this. but this is publish to get knowledge who want to write project Proposals.

Monday, April 4, 2011

ජනප්‍රියත්වයෙන් ඔබ්බට ගිය අපේ සංවර්ධන ව්‍යාපාරය


ජනප්‍රියත්වයෙන් ඔබ්බට ගිය අපේ සංවර්ධන ව්‍යාපාරය
පුහුලහේන ......... , මාතර දිස්ත්‍රික්කයේ, දුෂ්කර යැයි සැලකෙන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයක් වන වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ තවත් එක් දුෂ්කර ගමකි, ග්‍රාම නිලධාරී බල ප්‍රාද්ශයකි.
පවුල් 283ක් ජීවත් වන මෙකී භූමිභාගය සොබා මවගේ කාරුණික අවධානය දිනා ගැනීමෙහිලා දක්වා ඇත්තේ අඩු  භව්‍යතාවක් වන අතරම, මෙනිසාම වියලි කාලයේ දී සූර්ය‍ාගේ අනවරත පීඩාවන්ට ද, පාංශුමය වශයෙන් රළු, ගොරහැඩි යකුළුවලින් ද සමන්විත විෂම වූ උස්භූමි සහිත ප්‍රදේශයකි.
මෙහි ජීවත් වන අති බහුතරය දිළින්දන් වන අතරම, උනුන්ට මහපොළව සමඟ උරෙනුර ගැටීමට සිදුව ඇත්තේ තම කායික ස්වස්ථතාවය හෝ තම අධි මේද ස්ථරය දහනය කිරීමට නිසාවෙන් නොවන අතර, සිය අඹු-දරුවන් රක්ෂා කරනු වස් ආහාර හා මුදල් සොයා ගැනීම අත්‍යවශ්‍ය නිසාවෙනි.
හැකියාව ඇත්තවුන් මිල්ල සොයා උදෑසන කැදළි තුළින් පියඹා යාමත්, උනුන් අනුකරණය කරමින් සෙස්සන් ද දැනුම ඇතුළු සියලු දේ සොයා සොයා පිටතට ඇදීයාමත් සිදුවන්නේ නිරෝත්සාහිකව වන අතරම, ඔවුන් පිළිගැනීමට අවශ්‍ය සමාජමය වටපිටාව ද සැකසී ඇත්තේ පරිණාම වාදය සත්‍ය බව පසක් කරමිනි.
නමුත් සියලු අභියෝග එකහා සමව දරා ගැනීමට සිදුව ඇති නැත්තන් ද කුලී කර්මාන්තය හෝ තම කායික සවිය ගස්-ගල් සමඟ මුහු කරන්නේ ඔවුන් ද සමාජීය සත්ත්වයන්ම වන බැවිනි. බොහොමයක් නැත්තවුන් තම දරුවන් දිවාකළ පාසල් යවනුයේ එම ස්ථානය පැය කිහිපයකට හෝ තම දරුවන්ගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් කටයුතු කරයි යන හැඟුමෙන් මිසක, දරුවන් වෙදුන් හෝ ලිපිකරුවන් කිරීමටම නම් නොවේ. මොවුන්ගේ වාසනා මහිමය ක්‍රමයෙන් කාලය උදුරා ගත්ත ද තවම සමාජයේ නෂ්ඨාවශේෂ බවට පත්වෙමින්, අවයව ක්ෂීණ වෙමින් යන පාසල් ගොඩනැගිලි සියලු සංස්කාර ධර්මයන්හි අනියත බව පසක් කරමින් තම අතීත ශ්‍රී විභූතිය සිහි ගන්වනුයේ කුසට නොකා තම දරුවන් පෝෂණය කරන උත්තම හෙළ මාතෘත්වය සිහිකරමිනි.
2010 ජුනි මස 08 දිනය පුහුලහේන ග්‍රාමයට නව දිනයක් විය. දෙවරක් දරන ලද උත්සාහයක් ප්‍රතිඵල මල්ඵල ගැන්විණි. පුහුලහේන ග්‍රාම නිලධාරීනී ලක්මිණි මෙනවියගේ ද නොපසුබට වීර්්‍යය යටතේ ප්‍රදේශයට ඌණපූරකතයක්ව පැවති ග්‍රාම සංවර්ධන සමිතිය ගොඩනැංවීමටත්, එතුළින් සමාජ කථිකාවත ගොඩනැංවීමට අවැසි පසුබිමත් නිර්මාණය කෙරුණි. ග්‍රාම සංවර්ධන සමිතිය තුළ දුප්පතුන් සඳහා අවශ්‍ය මූල්‍ය සවිය ලබා ගැනීමට ගැමිසෙත වැඩසටහනත් ආරම්භ වූ අතරම, සාමාජිකයන්ගේ එදිනෙදා කටයුතුවලට මින් ලැබුනේ නොමඳ සහයක් විය. සමිතියෙන් සාමාජිකයන්ට ප්‍රතිලාභ අත්වීමත්, සාමාජිකයන් වෙතින් සමාජයට විය යුතු කාර්ය පිළිබඳව කථිකා කළ ඔවුන්, තමන් අකුරු කළ එහෙත් කාලය විසින් අවයව ක්‍රමිකව ක්ෂීණ කරමින් මේ දක්වා නොනැසී පවතින දරුවන් 35දෙනෙකු පමණ අකුරු කරනා පාසල සංවර්නය කිරීම දෙසට අවධානය යොමු කළ අතර, මෙහි ප්‍රතිඵලයක් ලෙස පළමුව පාසලට පැමිණෙන මාර්ගය සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවය මතුවිය.
යටිතල පහසුකම් සංවර්ධනයට බොහෝ ව්‍යාපාරික වෙස්ගත් ධානපතියන් ඉදිරිපත් වුව ද මෙවැනි පාඩු සහිත කර්මාන්තයකට කිසිවකු අත නොගසන බව අවබෝධ  කරගත් සමිති නිලධාරීන් මේ පිළිබඳව වැලිපිටිය ග්‍රාම සංවර්ධන සමිති බලමණ්ඩලයේ උපකාරය යදින්නට විය.
වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් මානෙල් ලියනාරච්චි මැතිනියගේ මඟපෙන්වීම යටතේ කවදත් ප්‍රදේශයේ අත්‍යවශ්‍ය පොදු කාර්්‍යයෙහිදී නායකත්වය ගන්නා අප බලමණ්ඩයේ සභාපතිතුමා සිය පුද්ගලික ධනය හා සවිය මෙයට එක් කිරීමට ඉදිරිපත් වූයේ තවත් සිරගෙයක ඇරඹුම දෑස් ඉදිරිපිට දැකීමට ඇති හෘදසාක්ෂිමය අකමැත්ත නිසාවෙනි.
හරියටම 2010 නොවැම්බර් 16 දිනය නැවතත් ප්‍රදේශයට අතිශය වැදගත් දිනයක් විය. විවිධ ආයුධ සන්නද්ධ සෙබල මූලයත්, රා සැලි සෙළොසක් පානය කොට බමන ගතින් යුතුව පැමිණි යකඩ ඇතාත්, සෙබල මූලය තව තවත් දිරි ගන්වන්නට විය.
ගිරිය පුප්පමින්... ගෝරනාඬු කරමින් ... ඒමේ අත වැනෙමින් මඳකිපී දඟලන යොධයකු මෙන් තනි හුස්මට ගල් හා පස් වැටි පිටින් එහෙට මෙහෙට කරයි.
 ඉදිකරන ලද පුහුලහේන පාසල් මාවත

වෙහෙසකර කාර්ය සිදු කරමින් සිටි යකඩයා දෙස බලාසිටි පාසල් ප්‍රධානී තොන්නකෝන් මහතා ද කර බා සිටියේ නැත. තවත් යෝජනාවකි ........

ලොකු පිනක් ....  මේ.......... අපේ මේ  ගොඩනැගිල්ලට පහල ඇති අරුත් සුන් නටඹුන් ගොඩනැගිල්ලේ පාදම ඉවත් කරදෙන්න .....

විදුහල්පතිතුමාගේ යෝජනාව විය.

කමක් නෑ.... මේ වැඩෙත් කරල ඉවරයක් කරමු. විධානයකි.
 
පාසල් ගොඩනැගිල්ල පාමුල පාදම ඉවත් කරමින්

දිනක් පුරා වෙහෙස වූ වෙහෙසට අතිරේඛ වැය බරකි. ‍‍ෙහ‍හෝරා කිහිපක් තුළ එකී බරපතල වූ පාදම තිබූ තැනවත් සොයා ගැනීමට නොහැකි ලෙස ඉවත් කොට ඇති අතරම, අදුරේම වැඩ අවසන් කළ සියලුදෙනාම අදුරට සාප කරමින් අදුර හා එක්වන්නටම විය.

දිනය 2011 පෙබරවාරි 03වෙනිදා....
පාසලට මෙන්ම ප්‍රදේශයට ද වැදගත් දිනයක් විය.
..... දිරිය මිනිසුන්ගේ දිරිය දෙගුණ තෙගුණ වී ඇති සෙයකි.

ඹ්.... කුඩා මිනිසුන් විසින් පාසල් ගොඩනැගිල්ල පාමුල ඉවත් කරන ලද ගෙපළ කුඩා සිඟිත්තන්ගේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය වී ඇත.
මොන අපූරුවක් ද...?
පොඩ්ඩන් එකිනෙකා පෙරළෙමින්, එකිනෙකා පරයමින්, එකිනෙකා වැළද ගනිමින් ගත දුහුවිල්ලෙන් සරහමින් සිතින් සොම්නසින් සතුටු සයුරේ කිමිදෙති.

විධානයකි. ...........................
සැරසේන්... වේන්... පටාස් ...

පොඩ්ඩන් පේළීයේ දුවයි. රැස්වූවන් තම සමීපතමයින්ගේ ජය පතා කාහල නගයි. මුළු පිටියම එකම සැනකෙළියකි. ඝෝෂා පිටියකි.
යකඩ කටා මේ සියල්ල පැදවීමට හඩ තව තවත් වැඩි කරයි.
සියල්ල තොසින්ම සිදු වුනි.
අඩබෙර නැතිව, ජනප්‍රිය වැඩ නොකළාට පොඩි මිනිසුන් සිදු කරන ලද කුඩා කාර්යයක් මෙලෙසින් මල්ඵල ගැන් වී ඇත.
...අනේ කුහුඹුවනේ තොපටත් රජෙක් ඇත්තේ ... අපිට ඇයි නැත්තේ ... අපේ කරුමෙද දන්නෙ නැත්තේ... දෛවයට පවරා තිබූ බොහෝ දේ එකමුතු කමෙන්, සාමූහිකත්වයෙන් ජයගෙන ඇති බව රැස්වූ ජනයාගේ මුවඟ රැදි හසරැල් තුළින් මොනවට ඔප්පු විය.

(මාතර දිස්ත්‍රික්කයේ වැලිපිටිය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පුහුලහේන නැමති ග්‍රාම නිලධාරී වසමේ පුහුලහේන කනිෂ්ඨ විද්‍යාලයට විශාල අඩුවක් ව පැවති මාර්ගය හා පාසල් ගොඩනැගිල්ල ඉදිරිපිට පැවති පදනම, පුහුලහේන ග්‍රාම සංවර්ධන සමිතියේ ඉල්ලීම මත වැලිපිටිය ග්‍රාම සංවර්ධන සමිති බලමණ්ඩලය විසින් 2010 ජනපති පදවි ප්‍රාප්තිය වෙනුවෙන් සකස් කරන ලදි.
එකී සත්‍ය සිදුවීමට අදාල සත්‍ය කථා‍ පුවතයි.)

ග්‍රාම සංවර්ධන නිලධාරී,
වැලිපිටිය.